බැංකු සම්බන්ධයෙන් කටයුතු කරද්දී බැංකුවේ කීර්ති නාමයට හානියක් නොවනසේ එහි ගැටලු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා නැගූ රීති ප්රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව ප්රකාශ කළේය.
මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීමේ ටෙන්ඩරය බැංකුව විසින් අවසන් නොකළ ගණුදෙනුවක් බැවින් මෙතනදී අපි ප්ර වේශමෙන් කටයුතු කළ යුතුව ඇතැයිද අගමැතිවරයා සදහන් කළේය. සමහර පුවත්පත් මේ පිලිබදව අතිශෝක්තියෙන් කරුණු පළකර ඇති බවද අගමැතිවරයා කීය.