Colombo Today Local News

දැවැන්ත බස් වර්ජනයක්?

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ යටතේ සිදු කරන අත්තනෝමතික බස් පරීක්ෂාවට එරෙහිව බස් වර්ජනයක් සිදුකිරීමට පෞද්ගලික බස් රථ සංගම් සූදානම් වෙයි.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ (08) පස්වරුවේ සිට රට පුරා වැඩ වර්ජනයක නිරත වීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

මේ පිළිබඳව (08) පෙරවරුවේ සාකච්ඡාවක් පවත්වන බවද හෙතෙම කියා සිටී.

අනවශ්‍ය ලෙස නීතිමය ක්‍රියා මාර්ග ගැනීම හරහා පෞද්ගලික බස් රථ ධාවනයට රියදුරන් පවා සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් මේ වන විට උදාවී ඇති බව ද සභාපතිවරයා පවසයි.

මෙම මෙහෙයුම හරහා පෞද්ගලික බස් රථ ඉලක්ක කරමින් දිගින් දිගටම පොලිසිය කටයුතු කරමින් සිටින බවට ද ඔහු චෝදනා කරයි.

ඒ අනුව සියලුම බස් රථ සංගම් සහ සේවක මහතුන්ගෙන් ඉල්ලීම ලැබී ඇත්තේ මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් වීමට බව ද ඔහු තව දුරටත් කියා සිටියේය.

මේ අතර සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්‍රකට බස් ව්‍යාපාරික ජගත් විතාන මහතා ද සඳහන් කරන්නේ හෙට මධ්‍යම රාත්‍රියේ දිවයින පුරා දැවැන්ත බස් රථ වර්ජනයක් සිදු කරන බවයි.

Related posts

අපට බෞද්ධ ඡන්ද නැතිවුණේ හාමුදුරුවෝ හිරේ දාපු නිසයි.. පරාජයට හේතු හරීන් අගමැති ඉදිරියේ දිගහරී

colombotoday

හාල් නෑ කියන්නේ කුහකකමට-මාලිමා මන්ත්‍රී

Admin

විශ්වවිද්‍යාලවලින් බිහිවන උපාධිධාරීන් රැකියා වෙළඳපොලට ගැලපෙන්නේ නෑ… වසර 28කට පසු ජනපති අලුත් ඉසව්වකට අත තියයි !

colombotoday

සිරස ප්‍රධානි ආර්. රාජමහේන්ද්‍රන් මහතා ජීවන ගමනට සමු දෙයි.

colombotoday

විපක්ෂ නායක සම්බන්ධන් හදිසියේ රෝහල්ගත කරයි

colombotoday

නවක හෙද හෙදියන් 2,519කට අගමැතිගෙන් පත්වීම්

Admin