Colombo Today Local News

ත්‍රී වීල් ගැන තීරණයක්

නීතියට අනුකූලව ත්‍රීරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට පොලීසිය තීරණය කරයි.

ඒ අනුව, 2021 වර්ෂයේ නිකුත් කරන ලද අංක 22/40/37 දරන ගැසට් පත්‍රය මගින් ත්‍රීරෝද රථවල අමතර උපාංග සවි කළ හැකි නෛතික රාමුව හා සීමාවන් පිළිබඳව සහ එයට අනුකූලව ත්‍රීරෝද රථවල නීත්‍යානුකූලව සවිකර ඇති කොටස් ඉවත් නොකිරීමට මින් ඉදිරියට පොලීසිය කටයුතු කරනු ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ, සමස්ත ලංකා ත්‍රීරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන් හා අලෙවිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සහ පොලිස්පති අතර ඊයේ (15) පැවැති සාකච්ඡාවේදී.
නීතියට අනුකූල නොවන පිටතට නෙරා ගිය අන්තරාදායක කොටස් ඉවත් කිරීමට කටයුතු කරන බවටත් මෙහිදී දැනුම්දී තිබේ. කෙසේ වුව ද එහිදී පොලිසිය රියදුරුට අදාළ කොටස් ඉවත් කරන ලෙස අවවාද කිරීමට පමණක් කටයුතු කරනු ඇත.

පොලීසිය මෙහිදී වැඩිදුරටත් දැනුම්දුන්නේ ත්‍රිරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන්ගේ සහ අලෙවිකරුවන්ගේ රැකියා අහිමි කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කිසි විටකත් කටයුතු නොකරන බවයි.
සීමාවන් පනවා ඇත්තේ මාර්ගය භාවිත කරන සෙසු පුද්ගලයන්ගේ, ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා එහි ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බවටත් මෙහිදී දැනුම් දුන්නේය.

පොලිස් මූලස්ථානයේදී මෙම සාකච්ඡාව පැවැත්විය.

Related posts

ලංකාවේ සිව්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

colombotoday

මවගේ ඇකයේ සිටියත් ඒඩ්ස් බෝවෙනවායි අධ්‍යාපන ඇමති කළ ප්‍රකාශයට ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයෙන් පිළිතුරු

colombotoday

ජනපතිගේ අති විශේෂ ගැසට් පත්‍රයේ අවුලක්.. ලංකාවට ආ සැනින් තවත් ගැසට් එකක්…

colombotoday

“දෙවියන් වහන්සේ එපා කීවත්, උතුරෙන් හමුදාව ඉවත්කළ යුතුයි” – TNA

colombotoday

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සකසන්න අනුමැතිය

Admin

හිටපු ඇමති විජේදාසගේ ආරක්ෂාව ඉවත් කෙරේ..

colombotoday