Colombo Today Local News

අලුත් ව්‍යවස්ථාවෙන් ඉල්ලන දේ නොලැබුණොත් කරන දේ සම්බන්ධන් කියයි !

r sambandan

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තම අර්බුධයට පිළිගත හැකි ස්ථීර දේශපාලන විසදුමක් ගෙන ඒම රජය විසින් පැහැර හරින්නේ නම් යළිත් ආයුධ අතට ගෙන විසදුම් සොයනවා වෙනුවට ආණ්ඩුවේ පාලනයෙන් දෙමළ ජනතාව මිදී සිටීමේ තත්ත්වයක් අනිවාර්යෙන්ම ඇති කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක විපක‍ෂ නායක ආර් සම්බන්දන් මහතා පැවසීය.

සංහිදියාව වෙනුවෙන් වූ කාන්තා සංවිධානය වත්මන් දේශපාලනයයි කාන්තා දායකත්වයයි මැයෙන් ත්‍රිකුණාමලයේ දී පැවැත්වූ වැඩමුළුවකදී විපක්ෂනායකවරයා මේ බව සදහන් කළේය. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සදහා දෙමළ ජාතික සන්ධානය පූර්ණ දායකත්වයක් ලබා දෙන බවත් එම ව්‍යවස්ථාවෙන් දීර්ඝ කාලයක පටන් විසදුම් හිමිනොවූ උතුරේ ජනවාර්ගික අර්බුදයට පිළිගත හැකි දේශපාලන විසදුමක් ගෙන ඒම සිය අරමුණ බවත් සම්බන්දන් මහතා කියා සිටියේය.

මෙතෙක් කලක් මෙරට ක්‍රියාත්මක කල කිසිදු ආණ්ඩුවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දෙමළ ජනතාවගේ එකගතාව මත හෝ දෙමළ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් සකස් නොකළ බව ද වත්මන් රජය මූලිකත්වය ගෙන සකස් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද දෙමළ ජනතාවට සාධාරණයක් ඉටු නොවන්නේ නම් එම ව්‍යවස්ථාවද ප්‍රතික්ෂේප කරන බව ද හෙතෙම කීවේය. එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රඥාප්තියට අනුව ජනතා මතයට ගරු නොකර කිසිදු ආණ්ඩුවක් ඉදිරියට යා නොහැකි බවද විපක‍්ෂනායකවරයා කීවේය.

Related posts

රෝහිත බෝගොල්ලාගම අල්ලස් නඩුවෙන් නිදහස් – අධ්‍යක්ෂකවරු තිදෙනාගේ අත්සන් ඇතුව අවශ්‍යනම් යලි නඩු පවරන්න නියෝග

colombotoday

ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව අලුත් ගෑස් සමාගමක්

colombotoday

කැබිනට් සංශෝධනය අද… නීතිය හා සාමය ෆොන්සේකාට ?

colombotoday

ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් රට රකින හැටි ගෝඨාභය කියයි

colombotoday

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ ඉදිරි කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ඖෂධ හිඟයෙන් රජයේ රෝහල්වල සැත්කම් සීමා වෙයි

colombotoday