Colombo Today Local News

පණිවිඩකරුට වෙ-ඩි නොතබනු මහවිරු සමරපු අයව අල්ලනු

උතුරේ මහවිරු සැමරුම පිළිබඳව අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍යන් ඔස්සේ පළ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබූ රේණුක පෙරේරා මහතාට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදී ඇත.

ඔහු අධිකරණයට ඉදිරිපත් කරමින් උතුරේ මහවිරු සැමරුම් නොතිබූ බවත් ඕස්ට්‍රේලියාවේ පැවැති මහවිරු සමරුමක වීඩියෝ පට ෆේස්බුක් සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය කරමින් ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති කිරීමට උත්සාහ කොට ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.

එහි දී විත්තියේ නීතීඥයෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ විෂය භාර ඇමතිවරයා පවා උතුරේ මහවිරු සැමරුම් පැවැත්වූයේ යැයි පිළිගත් පසුබිමක එවැනි උත්සව නොපැවතියේ යැයි ප්‍රකාශ කරන්නේ කෙසේ දැයි විමසා සිටියහ.

අදාළ වීඩියෝ පට නිර්මාණය කළ සහ ඒවා උඩුගත කළ පුද්ගලයන් පිළිබඳ විමර්ශනය නොකොට ඒවා බෙදාහැරි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පණිවිඩකරුට වෙඩිතැබීමක් බවත් එසේ නොකොට අදාළ වරද කළ පිරිස අත්අඩංගුවට ගැනීමට විමර්ශන කළ යුතු බවත් අතිරේඛ මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

Related posts

ජාතික ජල මණ්ඩලයේ සයිබර් ආක්‍රමණය – ‘බිට්කොයින් කප්පමකට’ අරගනින හැකර්වරුන්ගේ සන්සුන් විනාශය!

Admin

ගොවීන්ගේ අතිරික්ත එළවළු සහ පලතුරු තොග රජය මිලදී ගනී

colombotoday

“අප දරුවන් තැනිය යුත්තේ එක එකාට පෞද්ගලික ආතල් ගැනීම පිණිසද” – මහඇමතිගේ මගුල් සාරි නාඩගම ගැන සැර කතාවක්

colombotoday

අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න යෝජනා කිහිපයක්

Admin

ජුලි 06වනදා සිට පාසල් යලි විවෘතයි

colombotoday

පෞද්ගලික අංශයට අලුත් නීති – පැය 08, 12ක් කරයි

colombotoday