Colombo Today Local News

මහ මෝල් සහල් සැපයුම 40%ට බහී

මෙරට ජනතාව බහුල වශයෙන් ආහාරයට ගන්නා නාඩු, කැකුළු සහල් ඇතුළු සියලුම සහල් වර්ගවල දැඩි හිඟයක් පවතින බව පාරිභෝගික ජනතාව හා වෙළෙන්දෝ පවසති.

මාස දෙකක පමණ සිට මෙම හිඟය පැවතුණ ද මේ වන විට එය උග්‍ර වී ඇති බවත් සියලුම සහල් වර්ග රජයේ පාලන මිලට වඩා වැඩියෙන් සමහර වෙළෙඳුන් අලෙවි කරන බවටත් පාරිභෝගිකයෝ චෝදනා කරති.

සුදු කැකුළු කිලෝවක් රුපියල් 250කටත් රතු කැකුළු කිලෝවක් රුපියල් 245කටත් නාඩු සහල් කිලෝවක් රුපියල් 255කටත් සම්බා සහල් කිලෝවක් රුපියල් 260කටත් කීරි සම්බා කිලෝවක් රුපියල් 280කටත් සිල්ලර වෙළෙඳුන් විසින් අලෙවිකරන බව පාරිභෝගික ජනතාව කියති.

මේ අතර පාලන මිලට වඩා වැඩි මිලට සහල් විකිණීමෙන් දඩ ගෙවීමට සිදුවේ යැයි ඇති බිය නිසා බොහෝ සිල්ලර වෙළෙඳුන් සහල් විකිණීමෙන් ඉවත්ව සිටින බවද වාර්තා වේ.

රට පුරා ඇති සුපිරි වෙළෙඳසල් ජාලවල ද දැඩි සහල් හිඟයක් පවතින අතර වෙළෙඳසල් රැසක මේ වනවිට සහල් නොමැත.

පිටකොටුව තොග වෙළඳපොළේ ද සහල් හිඟය දැඩි වී ඇති බවත් මහ පරිමාණ මෝල්වලින් සහල් ලැබීම සියයට 60කින් පමණ අඩුවී ඇති බවත් පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති.

රට පුරා ඇති සතොස බොහෝ අලෙවිසල්වල ද මේ වන විට සහල් හිඟයක් මතු වී ඇත.

Related posts

කැලණිතිස්ස බලාගාරයක් හෙට සිට නවතී

Admin

කැබිනට් මාද්‍ය හමුවේදී කියා ඇත්තේ අලි බොරුවක්.. 03 දා එනවා කී පොහොර නැව තාම නෑ

colombotoday

හාලිඇල නාය යාමක්… අවදානම් කලාපයේ පවුල් 10ක් ඉවත් කරයි

Admin

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් තනතුරට ජීවන් තොණ්ඩමන් පත් කරයි

colombotoday

“ලංගමය දුවන්නේ පාඩුවටයි.. තව මාස 6කින් වහල දාන්න වෙයි” – ප්‍රවාහන ඇමති

colombotoday

කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි සැක 251 ක් රෝහල් 28කදී ප්‍රතිකාර ගනියි

colombotoday