Colombo Today Local News

අකාර්යක්ෂම රාජ්‍ය සේවය සමඟ රටට ගමනක් නෑ

අකාර්යක්ෂම රාජ්‍ය සේවය වහාම කාර්යක්ෂම සේවාවක් බවට පත්කළ යුතු බවත් නොඑසේ නම් රට ඉදිරියට ගෙන යා නොහැකි බවත් කෘෂිකර්ම ඇමැති කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

සිය පක්ෂයට තැපැල් ඡන්දය ලබා දීමෙන් රාජ්‍ය සේවකයන් ද ක්‍රම වෙනසකට (system change) කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

රාජ්‍ය සේවය විශාල යැයි ඇතැමුන් ප්‍රකාශ කළ ද වනජීවී, පශු වෛද්‍ය වැනි ක්ෂේත්‍රවල දැඩි සේවක හිඟයක් ඇතැයි ඔහු සඳහන් කරයි.

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිය අමාත්‍යංශයට නාවලපිටියෙන් බඳවා ගත් සේවකයන් විශාල පිරිසක් කරකියාගත හැකි දෙයක් නොමැතිව සිටිය ද ඔවුන් ස්ථිර කරන ලෙස තමා දැනුම් දුන් බව ද ඇමැති ලාල්කාන්ත ප්‍රකාශ කරයි.

ඊයේ පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය

Related posts

බසයක් තවත් බසයක ගැටී සිසුන් පහක් රෝහලේ…

Admin

37වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ සමාරම්භය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්

Admin

සමහරුන් පොත් ලියා යුධ රහස් හෙළිකරලා.. නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.. යුද්ධය ගැන මාත් පොතක් ලියනවා

colombotoday

පවතින නිරෝධායන ඇදිරිනීතිය ඔක්තෝම්බර් 01 වනදා තෙක් දීර්ඝ කරයි

colombotoday

ඌව පළාතේ බුර්කා ඇන්දොත් අත්අඩංගුවට. ආණ්ඩුකාර මෛත්‍රී පොලිසියට උපදෙස් දෙයි

colombotoday

ජනපතිගේ ධුර කාලය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙයි !

colombotoday