Colombo Today Local News

ඉන්ධන මිල ඉහළ යන්න පුලුවන්

මැද පෙරදිග කලාපයේ ඇතිවී තිබෙන යුදමය තත්ත්වය නිසා ඉන්ධන මිල ඉහළ ගියහොත් එය පාලනය කිරීම සිදු කරන්නේ කෙසේදැයි සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කර තිබේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිරීක්ෂණ වාර්තාවන් මත මෙම කමිටුව නිර්දේශය සිදු කරනු ඇති බවද කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා සඳහන් කළේය.

අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඔහු මෙසේ අදහස් පල කරන ලදී.

“මැදපෙරදිග ඇතිවෙලා තිබෙන යුදමය තත්ත්වය එක්ක තෙල් මිල ඉහළ යාමේ අවදානමක් තිබෙනවා. ඒ පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාවේ නිරීක්ෂණ වාර්තාවක් ලබාදීලා තියෙනවා. ඒ පිළිබඳව මැදිහත්වෙලා එවැනි තත්ත්වයත් තිබුණොත් කොහොමද තෙල් මිල පාලනය කරගන්නේ ඒකට කොහොමද මුහුණදෙන්නේ කියන එක පිළිබඳව කටයුතු කරන්නත් මේ කමිටුව තීරණය කරලා තිබුණා..

ආණ්ඩුව ඉන්ධන මිල අඩුකළාට බස් ගාස්තුව යම් ප්‍රමාණයකින් අඩුවුණා නමුත් පාසල් ප්‍රවාහන ගාස්තු අඩුකරලා නැහැ. ඒ නිසා මේ කමිටුවට නිර්දේශ කළා සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදීලා පාසල් ළමුන් ප්‍රවාහනය කරන ඒ වෑන් සහ බස් රථවලත් මිල අඩුකරන්න තීන්දු ගන්න ඒ සඳහා වාර්තාවක් කැඳවන්න තින්දුකරලා තියෙනවා.”

Related posts

අධිකරණය නීතිඥ සංගමය යටතට – නීතිය මිනී කාක්කන්ට වෙන්දේසිවන ලකුණු

colombotoday

ප්‍රධාන පාම් ඔයිල් ආනයන සමාගම් දෙකක් කළ කෝටි 613ක පාඩුව

colombotoday

“කොටි ඩයස්පොරාව නැවතත් හිස ඔසවනවා… ජාතික ආරක්ෂාව දුර්වල වෙලා” – කරුණා අම්මාන්

colombotoday

පෙනහැල්ලෙන් දතක් හමුවීමේ සිදුවීමක්

Admin

මෙවර අයවැයේ භයානකම යෝජනාව බන්ධුල හෙළිකරයි

colombotoday

දින 100ක් තුල ගම් මට්ටමින් ආහාර සුරක්ෂිතතා කමිටු පිහිටුවීමට අගමැතිගෙන් උපදෙස්

colombotoday