Colombo Today Local News

ටෙන්ඩ‍ර් ප්‍රශ්නයක් නිසා ඉදිරියට ගෑස් ගැටළුවක්?

තරගකාරී ලංසුවක් ඉදිරිපත් කළ ද තම සමාගම විසින් ඉදිරිපත් කළ 2025 වසර සඳහා ගෑස් සැපයුම් ටෙන්ඩරය තාක්ෂණික කරුණු මත බව පවසමින් විවෘත කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ලංසුකාර සමාගම විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රසම්පාදන කමිටු සභාපතිවරයා වෙත ලිඛිතව දන්වා ඇති බව වාර්තා වෙනවා..

තායිලන්තයේ සියම් ගෑස් සමාගම මෙම ටෙන්ඩරය සඳහා සියලුම තාක්ෂණික සුදුසුකම් සපුරා තිබියදී සම්බන්ධයෙන් ගෑස් ප්‍රවාහන නෞකා සම්බන්ධයෙන් වන තාක්ෂණික පිරිවිතර නොගැළපෙන බවට සඳහන් කරමින් මෙම ටෙන්ඩරය විවෘත කිරීමකින් තොරව ප්‍රතික්ෂේප කර ඇති බවට එම සමාගම චෝදනා කරමින් මෙම ලිපිය මගින් පැමිණිලි කර ඇති බවටයි දැක්වෙන්නේ..

රජයට අයත් ලිට්‍රෝ ගෑස් සමාගම් හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වූ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ප්‍රසම්පාදන කමිටුව 2025 වසර සඳහා ද ගෑස් මෙට්‍රික් ටොන් 350,000ක් සැපයීම සඳහා වූ ටෙන්ඩරය පෙර සැපයුම්කරුවාට ම ලබාදීමට උත්සාහ දරන බවට වාර්තා වෙනවා..

සියම් ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුපචි විරබෝවොපොන්ග් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවා ඇති ලිපිය මගින් සියලු තාක්ෂණික සුදුසුකම් සපුරා ඇති ජාත්‍යන්තර තලයේ සමාගමක් වන සමාගමේ ටෙන්ඩරය ද විවෘත කොට එහි මිල ගණන් සම්බන්ධයෙන් සලකා බැලීමට කටයුතු කරන ලෙසයි..

කරන ලද අභියාචනය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ජනපති කාර්යාලය විසින් අදාළ බලධාරීන් කැඳවා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා..

මව්බිම පුවත්පත ඇසුරෙන්…

Related posts

ජනාධිපති ලේකම් කථානායකට බොරු කියයි…

colombotoday

සංචරණ නියෝග මැද අක්කරෙයිපත්තු සිට කොළඹ ආ බසයක් මගීන් 48ක් සමග අත්අඩංගුවට

colombotoday

අරාබි මෘගයෙක් ජයවතීගේ බෙල්ල කපනවා දුටු කාන්තාවක් විස්තරය ෆෝන් එකෙන් ලංකාවට කියලා – Video

colombotoday

වාහන මිල යළිත් ඉහලට… Vitz, WagonR මිල වැඩිවෙන හැටි මෙන්න…

colombotoday

විමල් නැවතත් රිමාන්ඩ් !

colombotoday

කතක් දුම්රියට පනී.. කුපිත වූ පිරිසක් දුම්රියට පහර දෙයි.. රියදුරු නූලෙන් බේරෙයි.. ත්‍රිකුණාමලේ කලබලයක් !

colombotoday