Colombo Today Local News

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබා දීමට අනුමැතිය ලැබී තිබේ.

ඊට අදාළ ණය ගිවිසුමට අත්සන් තැබීම අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වූ අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා සහ ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලෙන් මහතා විසින් ඊට අත්සන් තැබීය.

මෙම මූල්‍ය පහසුකම ලබා දීම ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ප්‍රතිසංස්කරණ වැඩසටහන් සඳහා ලෝක බැංකුව විසින් දක්වනු ලබන අඛණ්ඩ සහයෝගීතාවය පිළිඹිබු කෙරේ.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ, ස්ථාවරත්වය සහ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ (RESET) සංවර්ධන ප්‍රතිපත්ති මුල්‍යකරණ(DPF) වැඩසටහනේ දෙවන අදියර යටතේ මේ මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට හිමිව ඇත.

මෙම දෙවසරක වැඩසටහන (2023-2024), දිළිඳු සහ අවදානමට ලක්විය හැකි අය කෙරෙහි ඇතිවන බලපෑම් අවම කරමින්, සර්ව ආර්ථික ස්ථායිතාව ඇති කිරීම අරමුණු කොට ගනිමින් ක්‍රියාත්මක කෙරේ.

මෙම වැඩසටහනේ පළමු අදියර 2023 වසරේ දී ක්‍රියාත්මක වූ අතර, ප්‍රධාන අංශ තුනක් යටතේ ප්‍රධාන පූර්ව ක්‍රියාමාර්ග හතක් සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් පසු ඩොලර් මිලියන 500 ක මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ඒ යටතේ හැකි විය.

ඒ අනුව මෙම වැඩසටහනේ ප්‍රධාන අංශ 03 ලෙස,

ආර්ථික පාලනය වැඩිදියුණු කිරීම: මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කරමින් රාජ්‍ය සම්පත් කළමනාකරණයේ මූල්‍ය විනය, විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීම
වර්ධනය සහ තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම: වඩාත් තරඟකාරී පුද්ගලික අංශයක් හරහා ශ්‍රී ලංකාවේ වර්ධන විභවය විවෘත කිරීම
දුප්පතුන් සහ අවදානමට ලක් වූවන් ආරක්ෂා කිරීම: අර්බුදයේ ආර්ථික බිඳවැටීමෙන් සමාජයේ වඩාත්ම පීඩාවට පත් වූ කොටස් ආරක්ෂා කිරීම ලෙස හඳුන්වාදී තිබේ.
අදාළ මූල්‍ය පහසුකම ලබා ගැනීමට සුදුසුකම් ලැබීමට නම්, රජය විසින් ඉහත සඳහන් ප්‍රධාන අංශ තුන යටතේ පූර්ව ක්‍රියාමාර්ගයන් නවයක් සම්පූර්ණ කළ යුතුව තිබු අතර මනා සර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ද පවත්වා ගත යුතු වේ.

ඒ අනුව මෙම මූල්‍ය පහසුකමේ දෙවන අදියර ලබාදීම සඳහා ද ලෝක බැංකු මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති අතර එය මූල්‍ය ගිවිසුම අත්සන් කිරීමෙන් පසු බලාත්මක වේ.

ලෝක බැංකුවේ මෙම මූල්‍ය ආධාරය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ අනාගතයේදී එවැනි අර්බුද නැවත ඇතිවීම වැළැක්වීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන අතරම ස්ථාවර සහ තරඟකාරී ආර්ථික පරිසරයක් නිර්මාණය කරනු ලබයි.

– Media unit

Related posts

ව්‍යවස්ථාව හදන වැඩේ 90%ක් අවසන්.. ප්‍රශ්න ඇතිවෙන නිසා එහි ඇතුළත් කරුණු දැන්ම කියන්නෑ

colombotoday

බෞද්ධ ධර්මය දියුණු කරන්න මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කරනවා. – අගමැති රනිල් කියයි

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

ඉරාජ් වීරරත්න, රහත් වුනායැයි කියන සිරිධම්ම හිමිගේ ගෝලයෙක් ?

colombotoday

“හොරු එලවන්න ආපු මට, දැන් හොර කල්ලියක් එක්ක ඉන්න වෙලා“ – ජනපති

colombotoday

ඛනිජ තෙල් සේවකයින් බාධා කළොත් සේවයෙන් ඉවත්කරන්න – ඇමති කංචන කියයි

Admin