Colombo Today Local News

එජාප මහලේකම් පුටුව තලතාට

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තනතුරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරාළ මහත්මිය අද (ඔක්. 1) පත්කිරීමට නියමිත බව එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගැනීමට නියමිත බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ අනුව, තලතා අතුකෝරාළ මහත්මිය එජාපයේ මහලේකම් ධූරයට පත්වන පළමු කාන්තාව වෙයි.

එජාපයේ මහ ලේකම් තනතුර එච්.පී. අමරසූරිය, හර්ෂ අබේනායක, සිරිසේන කුරේ, ගාමිණි විජේසේකර, සෙනරත් කපුකොටුව, තිස්ස අත්තනායක, අකිල විරාජ් කාරියවසම් හා පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් මීට පෙර දරා ඇත.

ජනාධිපතිවරණයෙන් පසුව පැවත්වෙන පළමු කෘත්‍යාධාරි රැස්වීම පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන අතර එහිදී මහ ලේකම්වරයා පත්කිරීමට අමතරව තවත් වැදගත් තීන්දු කිහිපයක් ගැනීමට නියමිත බව ද වාර්තා වෙයි.

ඉදිරි මහ මැතිවරණයට පක්ෂය මුහුණදෙන ආකාරය සාකච්ඡා කිරීමටත්, පක්ෂයේ තනතුරු කිහිපයකට පත්කිරීම් සිදුකිරීමටත් යොදාගෙන ඇතැයි ආරංචි මාර්ග පවසයි.

Related posts

ව්‍යවස්ථාව සම්මතකරගන්න ඩයස්පොරාවෙන් රු. මිලියන 1500ක් !

colombotoday

පා පැදි හෙරක් පොලීසියට මාට්ටු

colombotoday

ගාලු මුවදොර උණුසුම් තත්ත්වය සජීවි විකාශය කල අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගනී

colombotoday

නීති විරෝධී මත් ද්‍රව්‍ය වැඩියෙන් එන්නේ නැගෙනහිරින්

colombotoday

ජනපතිවරයා දෙමළ ජනතාව රැවැට්ටුවා… අපට ඕන එක්සත් ජාතීන්ගේ යෝජනා ක්‍රියාත්මක කරන අගමැතිවරයෙක්…

colombotoday

දිස්ත්‍රික්ක 8කට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

colombotoday