Colombo Today Local News

මාත් “සරණ“ පූසා වගේ.. හදන්නම බෑ

udaya gammanpila

හිරේ දමා තමාව හීලෑ කර ගත නොහැකි බවත් යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැති බවත් පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

හෙතෙම මේ බව කියා සිටියේ අද(12)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එසේම තමා සිඳු කතාවේ සරණ නම් පූසා වගේ බවද ඔහු පැවැසීය.

” මමත් හරියට සිදූ කතාවේ ඉන්න සරණ පූසා වගේ.  මමත් හදන්නම බෑ තමයි.  මගේ පාසල් සමයේ මගේ ආදරණීය විදුහල්පති ආර් අයි ටී අලස් මැතිතුමා ඒ දවස්වල හිනා වෙවි කියනවා ගමන් කරන පිල හදන්නම බෑ කියලා.  එතුමාගේ ගෝලයින් වන අගමැතිතුමා සභානායකතුමා එජාප සභාපතිතුමා ඒ පාඩම එතුමාගෙන් ඉගෙන ගෙන නෑ වගේ.” යැයි ඔහු පැවැසීය.

එසේම මේ වන විට ඩෙන්මාර්ක ආගමන විගමන දෙපාර්තමේන්තුව සිය වීසා ලබාදිමේදී උපන් රට තෝරා ගන්නා ලැයිස්තුවට දෙමළ ඊළමද ඇතුළත් කර තිබෙන බවද ඔහු පැවැසීය.

“මේ වෙනකොට ඩෙන්මාර්කයෙන් දෙමළ ඊලම වෙනම රටක් විදිහට මතුවේවා. ඩෙන්මාර්ක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා ලබා දීමේ දී තමන් උපන් රට තෝරා ගන්න ලැයිස්තුවක් ඉදිරිපත් කරනවා.ඒ ලැයිස්තුවේ තිබෙනවා දෙමළ ඊළම. මීට කලින් ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පැවැත්වූ විද්‍යුත් සංගණනයේ දී තමන් උපන් රට තෝරා ගන්නා ලැයිස්තුවට දෙමළ ඊළම ඇතුලත් කර තිබුණා. තානාපති කාර්යාලය කිසිම දෙයක් කලේ නෑ.  ඒ රටේ ජීවත් වන ලාංකික ජනතාවගේ බලවත් විරෝධය හමුවේ එය වෙනස් කරන්න ඔස්ට්‍රේලියානු ආණ්ඩුව එකඟ වුණා. එම සංගණනයත් ඉවර වෙලා ලංකාව තුලත් මීට එරෙහිව විරෝධතා ඇතිවෙද්දි තමයි මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය මේ පිලිබදව සිය විරෝධය පළ කලේ.” යනුවෙන්ද පවසා සිටියේය.

සම්පූර්ණ කතාවට පහතින් සවන් දෙන්න

Related posts

කිඹුලාවල Street Food අලෙවිසැල් ඉවත්කරගන්න කියයි

Admin

බිත්තරයකට දෙන රජයේ මිල දැනුම් දෙයි

Admin

මන්ත‍්‍රීවරයකු මිලියන 100 සිට මිලියන 500 දක්වා මිල නියම වුණා…. මැතිසබය රැස් කළානම් මරා ගන්නවා – ජනපති ජාතිය අමතයි

colombotoday

ආතතිය දරාගන්න බැරි වෙච්ච දොස්තර කෝපයෙන් ලිව්ව ලිපිය | මිනිස්සු මැරෙන්නේ මැස්සෝ වගේ

colombotoday

ශ්‍රී ලංකාවේ මිනිසුන් කවදා හරි මාවත් “ජුලියන් ඇසෙන්ජි “වගේ ගරු බුහුමනට ලක් කරාවි

colombotoday

වෙන්නප්පුව ප්‍රදේශයේදී STF මෙහෙයුමකින් කඩු ඇතුළු තියුණු ආයුධ සමග සැකකරුවෙක් අල්ලයි

colombotoday