Colombo Today Local News

“නව පනතක් ගෙන එනතුරු පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නැහැ”

නව පනතක් ගෙන එනතුරු පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

එදා අප එපා යැයි කියද්දී ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය යනාදී දේශපාලන පක්ෂ වැරදි පනතකට අත ඉස්සූ බවත් පළාත් සභා පනත ක්‍රියාත්මක කරන්නේ නම් අලුතින් සංශෝධන ගණනාවක් ඊට එක් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය මේ අනුව දැනුම්දී ඇති බවත් ගුණවර්ධන මහතා පැවසුවේය.

එම පනත සම්මත කරගෙන ඇත්තේ වැරදි ආකාරයට බව පැවසූ අමාත්‍යවරයා පනත මේ අනුව සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීමට සිදුවන බවද ප්‍රකාශ කළේය.

මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සූදානම් බවත් නව පනත සකස් කළ පසු මැතිවරණය පවත්වන බවත් හෙතෙම සඳහන් කළේය.

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ඉදිරියේ දී සිදුවන්නේ දැයි මෙහිදී කළ විමසුමකට පිළිතුරු දුන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ ජනාධිපතිවරයාට ඕනෑම මොහොතක කැබිනට් මණ්ඩලය වෙනස් කිරීමට බලය සහ හැකියාව ඇති බවයි.

Related posts

“රොහින්ග්‍යා ත්‍රස්ත සංක්‍රමණිකයන් මේ රටට එපා.. ශ්‍රී ලාංකික අපි බුරුම බෞද්ධයන් සමගයි” (Photo)

colombotoday

නව වසර පරිවර්තනීය වසරක් බවට පත් කිරීමට එක්වන්නැයි ජනපතිගෙන් ආරාධනා..

colombotoday

ජනපති රනිල් පාර්ලිමේන්තුවට එයි

Admin

මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් සම්බන්ධව නීතිපතිවරයාගේ උපදෙස්

colombotoday

“කාටවත් නිකන් කන්න දෙන්න බෑ… මම මේ රට දියුණු කළේ නැත්නම් මටත් යන්න වෙනවා.”

colombotoday

සංචරණ සීමා 21අලුයමින් අවසන් – 23 සිට 25 දක්වා යලිත්

colombotoday