Colombo Today Local News

මාලේ ගුවන් තොටුපොළේදී ශ්‍රීලංකන් ගුවන් යානයකට හානි

මාලදිවයිනේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නවතා තිබූ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL-116 දරණ ගුවන් යානය, භූමි මෙහෙයුම් ආධාරක වාහනයක ගැටී අනතුරට ලක්ව තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, එම යානයේ පිටුපස කොටසට අනතුරින් අලාභහානි සිදුව ඇති බවය.

මාලේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිටින ශ්‍රීලංකන් ගුවන් යානා ඉංජිනේරු කණ්ඩායම මේ වන විට හානියට පත් කොටස් ප්‍රතිස්ථාපනය කර යානය නැවත සේවයට එක්කිරීමට කටයුතු කරමින් සිටී.

Related posts

බස්නාහිර ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක ඇතුළු 6කට නොතීසි

colombotoday

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තිරිගු පිටි මිළත් ඉහළට…

colombotoday

ශ්‍රී ලංකා ජාතික කොඩියේ වෙනසක් විය යුතුයි – TNA මන්ත්‍රී කියයි

colombotoday

මෙරටින් රැගෙන ගිය තාරා දේවී ප්‍රතිමාව යළි දිවයිනට ගෙන එන්න සැලසුම්

Admin

සජිත් සිරිකොතෙන් පලවා හරී.. සජිත් හිතවාදීන් සිරිකොත වටලන්න යයි !

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 1857ක් දක්වා ඉහළට

colombotoday