Colombo Today Local News

සජිත් සිරිකොතෙන් පලවා හරී.. සජිත් හිතවාදීන් සිරිකොත වටලන්න යයි !

සජිත් ප්‍රේමදාස මහතා විසින් අද දිනයේ සිරිකොත දී සූදානම් කර තිබූ පක්ෂ සංවිධායක හමුව එක්සත් ජාතික පක්ෂය විසින් අවලංගු කර තිබේ.

එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ එවන් හමුවක් සිරිකොත මූලස්ථානයේ නොපැවැත්වෙන බවයි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ හමුව වොක්ෂෝල් කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙයට විරෝධය දක්වමින් සජිත් ප්‍රේමදාස මහතාගේ හිතවාදීන් විසින් සිරිකොත මූලස්ථානය වැටලීමට සූදානම්වන බවත්, යම කලබලකාරී තත්ත්වයක් ඇතිවුවහොත් තත්ත්වය මැඩපැවත්වීමට ආරක්ෂක අංශ සූදානමින් තබා ඇතැයිද පැවසේ.

ඊයේ සවස පැවති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවද දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ගෙන ඇත.

Related posts

නාමල්ගෙන් මිලදී ගත් “මස්ටෑන්ග්” එක මුදාහරින්නැයි අධිකරණය නියෝග කරයි !

colombotoday

චීන – ලංකා වෙළඳ ගිවිසුමෙන් දේශීය කර්මාන්ත අනතුරේ !

colombotoday

සක්විති රණසිංහට ඇප නියමවේ

colombotoday

ප්‍රීමා සමාගම විසින් තිරිගු පිටි මිල ඉහළ දැමීම අනීතිකයි – වැඩි මිලට තිරිගුපිටි මිලදී ගැනීමෙන් වළකින්න.

colombotoday

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ගැන අමාත්‍ය මණ්ඩලයේ අවධානය

Admin

පළාත් සභා 06ක ඡන්ද පැවැත්වීමේ බලය 28දාට පසු ජනපති අතට

colombotoday