Colombo Today Local News

‘ඩෙල්ටා ප්ලස්’ නව වෛරස් ප්‍රභේද රට තුළට ඇතුල්වීමේ වැඩි ප්‍රවණතාවක්

‘කොරෝනා’ වෛරසය යළි පැතිරීමේ අවදානමක් ඇති බවත් ‘ඩෙල්ටා ප්ලස්’ නැමැති නව ‘කොවිඩ්’ ප්‍රභේදයක් පිළිබඳව ලෝකයේම අවදානය යොමු වී ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසයි.

නව වෛරස් ප්‍රභේද රට තුළට ඇතුල්වීමේ වැඩි ප්‍රවණතාවක් තිබීම නිසා ‘කොවිඩ්’ වළක්වා ගැනීමේ උපක්‍රම එකක් හෝ මේ අවස්ථාවේදී මඟහැරුණ හොත් නැවත රෝගය පැතිරීමේ අවදානයමක් ඇති බව කී වෛද්‍ය බටුවන්තුඩාව මහතා රටට නව ප්‍රභේද ඇතුල්වීමට ඇති ඉඩ හේතුවෙන් අවදානම තව දුරටත් තිව්‍රර වන බව ද සඳහන් කරයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ නියම ලෙස අනුගමනය කරන්නේ නම් ප්‍රභේදය කුමක් වුවත් ආරක්‍ෂාවීමේ අවස්ථාව ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා වැඩි දුරටත් කියයි.

Related posts

“හෙළිකොප්ටරෙන් ගෙදර යනවිටත් ජනපති මමයි” – මහින්දගෙන් මෛත්‍රීට පිළිතුරු

colombotoday

කොවිඩ් වෛරසය නිවෙස් තුළට ඇවිත් – වෛද්‍ය අලුත්ගේ

colombotoday

දොස්තර වර්ජනය සතියකින් කල් දමයි !

colombotoday

මොරගහකන්ද ගොවීන් අන්ත අසරණ කළ කාබනික වී වගාව

colombotoday

⁣ටින්කරින් ලසන්ත පොලිස් වෙඩි පහරින් මියයාම : පොලීසිය තම සේවාදායකයා මරා දැමීමට සුදානම් බව නීතිඥවරයා කලින්ම කියලා.

colombotoday

ජනපති අනිද්දා ජාතිය අමතයි

colombotoday