Colombo Today Local News

මහින්ද මා කියූ දේ ඇහුවේ නෑ.. පැරදුනේ ඒ නිසයි.. එජාපය සමග සම්මුතියකට ගියේ ශ්‍රීලනිපය රැකගන්නයි

mithrepala2

පසුගිය ‍‍ජනාධිපතිවරණය නොපවත්වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තමා ලිඛිතව දුන් උපදෙස් නොතකා ඔහු පරාජයට පත්වෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ආරක්ෂා කර ගැනීමට තමා ගත් සාර්ථක උත්සාහය වරදක් දැයි ශ්‍රීලනිපයේ 65 වැනි සංවත්සර උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ප්‍රකාශ කර සිටියේය.

ගිලිහී ගිය බලය ශ්‍රීලනිපයට යළි හිමි කර ගැනීමට එජාපය සමග සම්මුතිවාදී රජයක් බිහි කළ බවත්, අනාගත ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමේ  පළමු වෙඩි මුරය කුරුණෑගලින් අද ඇරඹූ බවත් ජනපතිවරයා  කියා සිටියේය.

එමෙන්ම ලබන වසරේදී අත ලකුණින් පළාත් පාලන මැතිවරණයට තරග කරන බවද ඒ මහතා පැවසීය.

පැලපතෙන්, කුඹුරෙන්, ගොයම් කොළෙන් ආ තමාට අද සමහර පිරිස් හැංගි හැංගී පහර දෙන්නේ තමා ගොවි පුතෙකු නිසාදැයි යන්නත් ඔහු ප්‍රශ්න කළේය.

Related posts

සැගව සිටින රිෂාඩ්ගේ බිරිඳගෙන් CIDය ප්‍රකාශයක් ලබා ගනී

colombotoday

අවුරුද්දකට ලුණු මිල අඩු වෙයි

colombotoday

ඇලහැර අභයභූමිය තුල අලි සිගිත්තෙක් මිය යයි.

colombotoday

කොවිෂීල්ඩ් එන්නතේ ‘පළමු මාත්‍රාව ලබාදීම’ තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ආණ්ඩුව කරන්නේ වෙන කට්ටියක්.. බලාපොරොත්තු කඩ වීම නිසා ඇමති හරීන් දුකෙන් !

colombotoday

කොරෝනා මෘත දේහ බහාලන්න කාඩ්බෝඩ් මිනිපෙට්ටි හදයි

colombotoday