Colombo Today Sports News

ලසිත් මාලිංග ලීග් ක්‍රිකට් තරගවලින් සමුගනී.

සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලීග් ක්‍රිකට් තරගවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මාලිංග නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, සිය පවුලේ සාමාජිකයන් සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව එම තීරණයට එළැඹි බවයි.

මේ අතර මාලිංගගේ තීරණයට ගරු කරන බව අයි.පී.එල් තරගාවලියේ ඔහු නියෝජනය කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය ද ප්‍රකාශ කර ඇත.

2004 වසරේදී ටෙස්ට් වරම් දිනූ ලසිත් මාලිංග 2010 වසරේදී ටෙස්ට් පිටියට සමු දෙන විට තරග 30 කදී කඩුලු 101ක් දවාගෙන සිටියේ ය.

එක්දින තරග 226 කදී ඔහු දවාගෙන ඇති කඩුලු ගණන 338 කි.

පන්දුවාර 20යි 20 පිටියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ මාලිංග තරග 84කදී කඩුලු 107ක් දවා ගැනීමට සමත් විය.

ඉන්දීය ප්‍රිමියර් ලීග්, ඔස්ට්‍රේලියා බිග් බෑෂ් ලීග් වැනි ලීග් තරග බිමේදී ද ඉහළ දක්ෂතා දැක්වූ ඔහු වසර 12ක කාලයක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සිය දායකත්වය ලබා දුන්නේ ය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් තරග 122 කට සහභාගී වූ මාලිංග කඩුලු 170ක් දවා ගත් අතර එම කණ්ඩායමට අවස්ථා 4කදී අයි.පී.එල් කිරුළ දිනා දීමට ද දායක විය.

අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වන්නේ ද ලසිත් මාලිංගයි.

මේ වනවිට ටෙස්ට් සහ එක්දින තරග බිමෙන් සමුගෙන සිටින මාලිංග ඉදිරියේදී පන්දුවාර 20යි 20 තරග බිමෙන් ද සමු ගැනීමේ සූදානමින් පසු වේ.

Related posts

ඉන්දියාව පකිස්ථානයට යන්න බෑ කියයි. l ප්‍රථමවරට ආසියානු කුසලානය හයිබ්‍රිඩ් ක්‍රමයට. තරඟ 9ක් ශ්‍රී ලංකාවේදී

colombotoday

ක්‍රිකට් නිලවරණය පවත්වන්නැයි සංගම් 52ක් ඉල්ලයි

colombotoday

20යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – අයර්ලන්ත පුහුණු තරගය අතහැර දමයි..

colombotoday

එක්දින තරගාවලිය පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක්. ධනුෂ්කට විනය චෝදනා

colombotoday

T20 තරගාවලියේ වීරයා සොයන ලැයිස්තුවට වනිඳුත් – ඔබේ ඡන්දයත් මෙතැනින් ලබාදෙන්න

Admin

කුසල් පෙරේරා, චාමර සිල්වා ඇතුළු සගයන් කිහිපදෙනෙක් පොලිසියට?

colombotoday