Colombo Today Sports News

ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස නැවත වරක් චමින්ද වාස් පත්කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා මහතා සඳහන් කරයි.

ඊයේ (25)දින කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව සඳහන් කළේය.

“ඒක දැන් ආයෙත් සැරයක් චමින්ද වාස්ගෙන්ම ෆිල් වෙලා තියෙනවා. අපි ආයෙත් චමින්ද වාස් මහතාව අරගෙන තියෙනවා. තව දවස් දෙක තුනකින් ඒ පිළිබඳව මාධ්‍යට දැනුම් දෙනවා. ලංකාවේ ක්‍රිකට් දියුණුවෙන් දියුණුවට යන්න ඕනේ. ඒකට මීට වැඩිය හොඳ කමිටුවක් අපිට හමුවෙලාම නෑ. හම්බවෙන්නෙත් නෑ. අරවින්ද, රොෂාන් මහානාම, මුරලි, සංගා, මහේල මේ ඔක්කොම එකතුවෙලා තමයි මේකේ තීරණ අරගෙන අපිත් සමග සාකච්ඡා කරලා සුහදව කරගෙන යන්නෙ. ඒකෙ කිසිම ගැටලුවක් නෑ.”

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශක ලෙස මීට පෙරද චමින්ද වාස් කටයුතු කළ අතර ඉකුත් පෙබරවාරි මස සිය තනතුරින් ඉල්ලා අස්වීමට ඔහු කටයුතුකර තිබුණි.

බටහිර ඉන්දීය කොදෙව් හි ක්‍රිකට් සංචාරය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම විදේශගතවීමට පැය 4කට පෙර චමින්ද වාස් ඉල්ලා අස්වීම පිළිබඳව ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ මහත් ආන්දෝලනයක් ඇති වී තිබුණි.

ගෙවීම් පිළිබඳව ඇතිවූ මතගැටුමක් ඔහුගේ ඉල්ලා අස්වීමට හේතු වී තිබූ බවද එහිදී වාර්තා විය.

Related posts

LPL – පළමු තරගයේ ජය ඉසුරු උදාන කොළඹට ගෙනෙයි

colombotoday

වසර 21කට පසු ලංකාවට රන් පදක්කමක් ගෙනා තරුෂිට ක්‍රිකට් ආයතනෙන් කෝටියක්

Admin

ලසිත් මාලිංග ක්‍රිකට් ක්‍රීඩාවට ආයුබෝවන් කීමට සැරසෙයි

colombotoday

තරග පාවා දීමේ චෝදනා: සචිත්‍ර සේනානායකගේ අපේක්ෂිත ඇප අයැදුම්පත ප්‍රතික්ෂේපයි

colombotoday

ඔට්ටු කරුවන්ට පාවා දෙන ශ්‍රී ලංකා ක්‍රිකට්. ටෙස්ට් තරගයක් පාවා දෙන්න ලක්ෂ 60යි. විදෙස් මාධ්‍ය හෙළිකරයි

colombotoday

අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කරයි

colombotoday