Colombo Today Local News

යහපාලන රජය සමයේ ගොනුකර තිබූ නඩු දෙකකින් ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක් ව නිදහස් කෙරේ

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ගොනුකර තිබූ නඩු දෙකකින් ඔවුන්ව නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26)දින නියම කළේය.

ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි 4ක පාඩුවක් සිදුකළේ යැයි ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලකර තිබුණි.

මෙම නඩු අද කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් මෙම නියෝගය කළේය.

කොළඹ මහාධිකරණය විසින් කරන ලද නියෝගයකට අනුව ඔවුන්ව නිදහස් කරන බවද මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

ඒ අනුව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වන එරාජ් ප්‍රනාන්දු සහ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අය නිදහස් කෙරුණි.

අල්ලස් කොමිසම ගොනුකළ නඩුවට එරෙහිව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කළ කොළඹ මහාධිකරණය අල්ලස් කොමිසම විසින් අදාළ නඩු ගොනුකර තිබෙන ආකාරය නීතියට පටහැනි බවට තීන්දුකර තිබේ.

එම තීන්දුවට අනුව මහෙස්ත්‍රාත්වරයා විසින් එම විත්තිකරුවන් ව අද නිදහස් කරනු ලැබීය.

Related posts

සංචරණ සීමා කාලය තුල ගැටළු ඇත්නම් 1965 ට අමතන්න | අරලියගහ මන්දිරයේ විශේෂ මධ්‍යස්ථානයක්

colombotoday

තුන රැකගන්න මෛත්‍රී සහ අනුර දරුණු සටනක

colombotoday

බැදුම්කර හොර ගැසට් එකට නම දැම්මාට මහින්ද නඩු යයි

colombotoday

තිලීපන් සැමරුම් තහනම් කරන්නැයි වව්නියාව පොලීසිය ඉල්ලු නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Admin

ජොන්ස්ටන් අධිකරණයට භාර වෙයි

colombotoday

වයින් ස්ටෝර්ස් විවෘත කිරීමේ තීන්දුවට සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ නැහැ

colombotoday