Colombo Today Sports News

ඔට්ටු කරුවන්ට පාවා දෙන ශ්‍රී ලංකා ක්‍රිකට්. ටෙස්ට් තරගයක් පාවා දෙන්න ලක්ෂ 60යි. විදෙස් මාධ්‍ය හෙළිකරයි

මේ වනවිට ක්‍රිකට් ක්ෂේත්‍රයේම කතාබහට ලක්වෙන ආන්දෝලනාත්මක සිදුවීම වාර්තා වන්නේ ශ්‍රී ලංකාවෙනි. එනම් ශ්‍රී ලංකා ක්‍රිකට් තනතීරූ භාරකරුවෙක් ඉන්දීය බුකි කරුවන්ට අවශ්‍ය පරිදි ප්‍රධාන ක්‍රීඩාංගණයක තනතීරූ සකස් කර දීමයි.

සාමාන්‍යයෙන් ක්‍රිකට් තරගාවලියක තනතීරූ සත්කාරක රටට වාසි සිදුවන අන්දමට නිර්මාණය කරන නමුත් එය සිදු කරන්නේ සත්කාරක කණ්ඩායමේ පුහුණුකරු, නායකයා ඇතුලු පිරිසේ ඉල්ලීමට අනුවය. නමුත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ තනතීරූව අවස්තා කිහිපයකදීම බුකිකරුවන්ගේ ඉල්ලීමට සකසා තිබෙන බවට ලෝක ප්‍රසිද්ධ අල් ජසීරා මාධ්‍යජාලය අනාවරනය කර ගෙන තිබේ.

අල් ජසීරා රූපවාහිනී සේවය මගින් විකාශය කිරීමට නියමිත වාර්තා වැඩසටහනක් අනුව 2016 දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය පරජයෙන් තොරව අවසන් නොවන බවට ක්‍රිකට් ඔට්ටුකරුවන් රැසක්ම ඔට්ටු අල්ලා තිබේ. ඔට්ටුකරුවන්ගේ අපේක්‍ෂා සාර්ථක කරමින් මෙම තරගය දින දෙක හමාරෙන් අවසන් විය.

ඉන්දියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන රොබින් මොරිස්, ඩුබායිහි සිටින ඉන්දීය ව්‍යපාරිකයකු වන ගෞරව් රාජ්කුමාර්, ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩකයකු සහ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නිලධාරියකු මෙම පාවාදීම සම්බන්ධයෙන් කළ සාකච්ඡාවක් ඩුබායිහි ‘අල් ජසීරා’ රූපවාහිනී සේවයේ කණ්ඩායමක් විසින් රහසේ පටිගත කරනු ලැබ ඇත.

තණතීරුව පිසදැමීමේදී කම්බි සහිත බුරුසු (වයර් බ්‍රෂ්) යොදාගත් ආකාරයත් එමගින් තණතීරුව කඩතොළු කර පන්දුවේ දඟකැවීම වැඩිකරගත් ආකාරයත් පිළිබඳ ඔවුන් කළ සාකච්ඡාවේදී අසන්නට ලැබී තිබේ.

“තරගයක් පැවැත්වෙන අතරතුරේදී පිහදාන එක තමයි එයාට කරන්න තියෙන්නේ” යයි අයෙක් කියා තිබේ.

“ඒක හිමින් කරන්නේ. ඒ වෙලාවෙදි ඒක ඇතුළට තදකරනවා” තවත් අයෙක් කීවේය.

දඟ පන්දු යවන්නන්ට වාසිදායක ආකාරයටත් පිතිකරුවන් අන්ද මන්ද වන අකාරයටත් තණතීරුවක් සකස් කිරීමට තමන්ට ඇති හැකියාව සම්බන්ධයෙන් ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ හිටපු නිලධාරියා මෙම වාර්තා වැඩසටහනේදී බොහෝ පුරසාරම් කතාකියා තිබේ.

“දින පහේ ටෙස්ට් තරගයකට අපි තණතීරුව හදන්නේ රෝලරය යොදා නොගෙනයි. අපි දඟ කැවෙන තණතීරුවක් හදන්නේ ඒ ආකාරයට තමයි” යයි ඔහු කියා තිබේ.

“වෙන්නේ මේකයි….තණතීරුවකින් අපට ඕනෑ දෙයක් කරගන්නා හැටි අපි දන්නවා”

“ඔබට ඕනෑ තණතීරුව දඟ කැවෙන්නද?, වේග පන්දු යවන්නන්ට වාසිදායක වෙන්නද? නැත්නම් පිතිකරුවන්ට හොඳ වෙන්නද?…මේ ඕන එකක් කරන්න පුළුවන්” යයි ක්‍රීඩාංගණයේ නිලධාරියා කියා තිබේ.

“අපි තණතීරුව සති දෙකක් විතර විවෘත කරලා තියනවා. ඒකට වතුර දාන්නෙත් නෑ. එයින් තණතීරුවට හානි වෙනවා” යයිද ඔහු වැඩිදුරටත් පවසයි.

මෙම වසර අවසානයේ එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට නියමිත අතර  එම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන ගාල්ල ක්‍රීඩාංගණයේ තණතීරුව වෙනස් කර ගැනීමට අවශ්‍ය බුකී කරුවෙකු විලසින්
පැමිණි අල්ජසීරා මාධ්‍යවේදියෙකු මෙම කතාබහ පටිගත කිරීමට සමත්ව තිබෙනවා.

මෙම අල්ජසීරා මාධ්‍යවේදියා ඉන්දීය හිටපු ක්‍රීඩකයෙකු සමඟ පැමිණ ගාල්ල ක්‍රීඩාංගණයේ සහය කළමනාකරු සහ හිටපු ශ්‍රී ලංකා දේශීය ක්‍රීඩකයෙකු සමඟින් එංගලන්ත තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය පැවැත්වෙන තණතීරුව බුකී කරුවන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට රුපියල් ලක්ෂ 60කට ආසන්න මුදලක් ලබා ගැනීමට එකඟවී තිබෙනවා.

එ අනුව ඔවුන් ටෙස්ට් තරඟයේදී තණතීරුව සකසන ආකාරය පිළබඳව එකඟතාවයකට පැමිණ ඇති බවයි අල්ජසීරා වාර්තාව පවසනවා. ටෙස්ට් තරඟය දවස් 2කින්, 3කින්, 4කින් හෝ ජය පරාජයෙන් තොරව නිමා කරගැනීමට පිටිය සැකසිය හැකි බවයි ගාල්ල ක්‍රීඩාංගණ නිළධාරියා ඔවුන් සමඟ පවසා ඇත්තේ.

ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් තරඟාවලියක් නියෝජනය කළ ක්‍රීඩකයෙකුද මේ සඳහා සම්බන්ධ වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයද අනාවරණය කර ඇති අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

Related posts

ශ‍්‍රී ලංකා ක්‍රිකට් පිලට පුහුණුකරුවන්ගේ හිඟයක්

colombotoday

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම 2023 ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියට සුදුසුකම් ලබයි

colombotoday

ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්

colombotoday

ශ්‍රී ලංකා – නවසීලන්ත තීරණාත්මක තරගය අද..

Admin

කාසියේ වාසිය නවසීලන්තයට

Admin

ඉන්දීය කණ්ඩායම් නායකත්වය සූර්ය කුමාර්ට

Admin