Colombo Today Local News

මිනුවන්ගොඩින් උණ්ඩ තොගයක් සමග ගිනි අවි, තියුණු ආයුධ සහ වාහන අංක තහඩු කීපයක් අල්ලයි

මිනුවන්ගොඩ පොලිසිය මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගිනි අවි, තියුණු ආයුධ සහ ජීව උණ්ඩ,වාහන අංක තහඩු කීපයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම සැකකරු සමඟ බෝර 12 ගිනි අවියක් , බෝර 12 උණ්ඩ 16 ක්,කඩු 3 ක්,කෙටේරි 1 ක් , පිහි 4 ක් හා මිලිමිටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 12ක් පොලිසිය බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් 38 හැවිරිදි සැකකරුගෙන් මෙවැනි ආයුධ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් මහේෂ් මහතා ඇතුළු නිලධාරීන් කටයුතු කරනු ඇතැයි මාතෘ ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ටික් ටොක් සිසුවාගේ ඝාතනය සම්බන්ධයෙන් අවුරුදු 12ක සිසුවෙක් ඇතුළු 6ක් රිමාන්ඩ්

colombotoday

අගරදගුරුතුමන්ට කොමාන්ඩෝ ආරක්ෂාව…

colombotoday

සිවිල් ආරක්ෂක බලකා භටයන්ට සොච්චම් වන්දි දී ගෙදර යවන්න හදනවා – විපක්ෂ නායක කියයි

Admin

බොරැල්ලේ සිරිසුමන හිමි රිමාන්ඩ්

Admin

මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ජනපති සටනට. – ජවිපෙන් ග්‍රීන් ලයිට්

colombotoday

කිඹුලපිටියට කඩා වැටුණු ගුවන් යානයේ තොරතුරු( Photo)

colombotoday