මේ වනවිට සිරගතව සිටින එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ හිටපු සාමාජිකයන්ට පොදු සමාවක් ලබා දෙන්නේ නම් සියලු ජන කොටස් සමග සහජීවනයෙන් සහ සමගියෙන් ජීවත් විය හැකි බව ඔඩ්ඩුසුඩාන් හි හිටපු කොටි නායකයා සදහන් කළ බව බීබීසී ලෝක සේවය පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ උතුරු නැගෙනහිර පළාත්වල සිදුව ඇති බවට චෝදනා එල්ල වන යුධ අපරාධ සම්බන්ධයෙන් අදහස් වීමසීම සදහා ද්‍රවිඩ සන්ධානය විසින් ස්ථාපති කර ඇති කමිටුවක් හමුවේ පෙරේදා (29) අදහස් දක්වමිනි.
අදාල කමිටුව විසින් යුද අපරාධ පිළිබදව වාර්තාවක් සැකසීමට නියමිතව ඇති අතර එම වාර්තාව ජිනීවා මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.