Colombo Today Local News

දිවයින පුරාපැතිර යන අලුත් වෛරස් රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්

දිවයින පුරා මේ දිනවල වෛරස් රෝගයක් පැතිර යමින් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

මෙම වෛරස් රෝගය ඉන්ෆ්ලුවෙන්සා හා සමාන රෝග ලක්ෂණ ඇති බව ඔහු සඳහන් කළේය.

කොවිඩ් රෝගය හා සැසඳීමේදී මෙම රෝගයෙන් සංකූලතා ඇති වීම සාපේක්ෂව අවම බව ත් රෝගී තත්ත්වය උත්සන්න වීමක් සිදු වන්නේ නම්, පමණක් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදු කළ යුතු බව ත් වි‍ශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ වැනි රෝග ලක්ෂණ සහිත මෙම රෝගය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝ වීමේ අවදානමක් ද පවතින බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බව ඔහු වැඩිදුරට ත් සඳහන් කර සිටී.

Related posts

කවුද මේ නව බුද්ධි අංශ ප‍්‍රධානියා… බුද්ධි අංශවල පුටු පෙරළියේ සැබෑ කතාව..!

colombotoday

අසාධාරණ ලෙස සේවයෙන් ඉවත්කළ බල නැවි මුදිත කෞෂල්‍යගෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

colombotoday

මෙවර යල කන්නයේ වී කිලෝවකට උපරිම මිලක්

colombotoday

ඩුප්ලිකේට් ෂර්ලොක් හෝම්ස්ලාගේ නොනවතින බුද්ධි අංශ දඩයම!

colombotoday

කොල්ලුපිටියේ මහ දවල් මංකොල්ලයක්.. රන්බඩුත් අරන් හොරු පනී

colombotoday

එජාප නායකත්වයේ වෙනසක් ගැන නවීන් කියයි

colombotoday