Colombo Today Local News

2021 අයවැය අද පාර්ලිමේන්තුවට

ලබන වසර සඳහා වන අයවැය යෝජනා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

ඒ, අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ය.

2021 විසර්ජන පනත් කෙටුම්පත පසුගිය 06 වැනිදා ගැසට් පත්‍රයේ පළ කළ අතර එය පසුගිය 20 වැනිදා අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

2021 විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව අද පස්වරු 1.40 ට රැස්වීමට නියමිතයි.

මෙවර ඉදිරිපත් කෙරෙන්නේ මෙරට 75 වැනි අයවැය වාර්තාවයි.

2021 මුදල් වර්ෂයට අදාළව රජයේ සේවා වියදම් සඳහා රුපියල් බිලියන 2678 ක් වෙන් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ හා ඉන් බැහැරව රුපියල් බිලියන 2009 ක සීමාවට යටත්ව ණය ලබා ගැනීමට මෙම විසර්ජන පනත මගින් යෝජනා ඉදිරිපත් කර තිබේ.

හෙට සිට ලබන 21 වැනිදා දක්වා අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත්වෙන අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 21 වැනිදා පස්වරු 5 ට සිදු කෙරෙනු ඇති.

පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා අයවැය දෙවනවර කියවීමේ විවාදය එම කාලය තුළ පැවැත්වෙනු ඇති.

අයවැය කාරක සභා අවස්ථා විවාදය ලබන 23 වැනිදා ආරම්භ වන අතර දෙසැම්බර් 10 වැනිදා දක්වා එය පැවැත්වෙයි.

දෙසැම්බර් 10 වැනිදා පස්වරු 5.00 ට කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම සිදු කෙරෙනු ඇති.

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් හා රෙගුලාසිවලට අනුකූලව මෙවර පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

Related posts

සතොසේ සුදුලූනු වංචාව : සැකපිට අත්අඩංගුවට ගත් පිරිසට ඇප

colombotoday

මානව හිමිකම් කොමිසමේ හෙට විශේෂ රැස්වීමක්

colombotoday

රාජ්‍ය සේවක වැටුප මාර්තුවේ සිට කොටස් දෙකකට කැඩෙයි !!

colombotoday

අල් හුසේන්ට එරෙහිව විරෝධතා කළාට විමල් ඇතුළු 7ක් උසාවි කැදවයි.. ලක්ෂය බැගින් ඇප

colombotoday

ඩෙංගු රටම ගිලගනී.. සෞඛ්‍ය අමාත්‍යාංශය ඩෙංගු රෝගීන් ගණනය කිරීමත් අතහැර දමයි !

colombotoday

රනිල් වික්‍රමසිංහට හිතක් – පපුවක් හා තෙතෙමනයක් නෑ – අනුර කුමාර දිසානායක

colombotoday