Colombo Today Local News

20යි 20 ලෝක කුසලානයයේ වසර 10 ක සංවත්සරය

පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට වසර 10ක් සපිරෙයි. ඒ ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

පළමු කඩුල්ල ලකුණු 5කදී බිඳ වැටුණද තිලකරත්න ඩිල්ෂාන්, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ තිසර පෙරේරා ඇතුළු ශ්‍රී ලංකා පිතිකරුවන් මෙල්ල කිරීමට ඉන්දීය පන්දු යවන්නට හැකියාව ලැබුනේ නැහැ.

එදා බංග්ලාදේශයේ මීර්පූර් ක්‍රීඩාංගණයේ පැවැති ක්‍රිකට් තරගයක් මෙරට ක්‍රිකට් ඉතිහාස පොතට ඓතිහාසික සටහනක් එක් කළා.

2014 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයයි.

මහේන්ද්‍ර සිං දෝනි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම සහ වේග පන්දුවෙන් ලොවම වසඟ කළ ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකාව අතර මෙම තරගය කෙරෙහි ලොව පුරා ක්‍රිකට් ලෝලීන් දෙනෙත් යොමා බලා සිටියේය.

විරාත් කෝලි හැරෙන්නට අන් සියලු පිතිකරුවන්ගේ වේගය අඩාල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් පියවර ගත්තේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ කඩුලු රැසක් බිඳ නොවැටුණු පසුබිමකය.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේදී ඉන්දීය කණ්ඩායමට කඩුලු 4ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 130ක් පමණයි.

කුමාර් සංගක්කාර පන්දු 35කින් නොදැවී රැස් කළ ලකුණු 52 ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඉලක්කය වෙත වේගයෙන් සමීප කළා.

සංගක්කාරගේ එම වේගවත් ගමනට තිසර පෙරේරා අවශ්‍යම මොහොතේ ශක්තිය එක් කළේ, පන්දු 14කින් නොදැවී ලකුණු 23ක් රැස් කරමින්.

පන්දුවාර 20කදී ඉන්දියාව ලබා දුන් ඉලක්කය පන්දුවාර 17යි පන්දු 5ක් පමණක් වැය කරමින් කඩුලු 4ක් පමණක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම පසු කළා.

ඒ, දෙවැනි වරටත් ක්‍රිකට් ලෝක ශූරයින් වීමේ උද්දාමය සුවහසක් ශ්‍රී ලංකා වාසීන්ට උදා කරමින්ය.

එදා අර්ධ ශතකයක් රැස් කළ කුමාර් සංගක්කාර අවසන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවාය.

Related posts

හම්බන්තොට වරායට එකවර නැව් පහක්… වැඩිම වාහන ප්‍රතිඅපනයනය දෙසැම්බර් 1 සිට 5 දක්වා !

colombotoday

මම ජනාධිපතිවරණයට එනවනම් මහින්ද, බැසිල් කැමති වෙන්න ඕන

colombotoday

දකුණු ඉන්දියාවේ සිට රහසේ පැමිණ සැඟවී සිටි සරණාගතයකු හා ඔහුගේ දියණිය අත්අඩංගුවට

colombotoday

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පත් කෙරේ

colombotoday

අන්තරේ විරෝධයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

Admin

මේ රට බේරගන්න ඉදිරිපත්වෙන්න සූදානම් බව හර්ෂ ද සිල්වා කියයි.

colombotoday