Colombo Today Local News

ජනාධිපතිකම නොදුන් සජිත්ට අගමැතික දෙන්නෙත් නෑ

රට පාලනයට සුදුසුම කණ්ඩායම සිටින්නේ නම් සමගි ජන බලවේගයේ නම් පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව බලය දෙන්නේ ඔවුන්ට බව හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එසේ නැත්නම් පසුගිය ජනාධිපතිවරණයේ දී සජබ නායකයා හොඳ නැතැයි ජනතාව තීන්දු කර ඇති බවයි.

අද එම කණ්ඩායමට බලය ලබා දෙන ලෙස ඉල්ලා සිටිය ද එය මෙහෙය වන්නේ එම නායකයා ම බවයි, සුසිල් ප්‍රේමජයන්ත අවධාරණය කළේ.

අනෙක් අතට රට පාලනයට සුදුසුම කණ්ඩායම සජබ නම් 2022 මැයි මස රට භාරගත යුතුව තිබූ බවත් දැන් ඔවුන්ට රට භර දීමට ජනතාව සූදානම් නැති බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

ඊයේ (29) මාධ්‍ය හමුවකට එකතු වෙමින් සුසිල් ප්‍රේමජයන්ත මේ බව කීය.

Related posts

ආනයනික සහල් ඇතුළු ආහාර වර්ගවල බැර ලෝහ ඇත්දැයි සොයා පරීක්ෂාවක්

colombotoday

“සුපිරි ඇමති පනත හදා ඇත්තේ අමු මෝඩයෙක්“ – රාජිත

colombotoday

ඇමති මහින්ද අමරවීරට කොවිඩ්

colombotoday

ඉදිරියේදී ධර්ම සංඝායනාවක් කරනවා – ජනපති

colombotoday

හදිස්සියේ කටුනායකට ගොඩබැස්සවූ යානයේ සිටි මගීන් දෙදෙනෙක් මරුට

colombotoday

ආගමික අන්තවාදය ඉන්දීය සාගර කලාපයේ සාමයට තර්ජනයක්

colombotoday