Colombo Today Local News

පාතාල කල්ලි සාමාජිකයෙකුට අනුබල දුන් චීවරධාරියෙකු අත්අඩංගුවට

රත්ගම විදුර නම් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන චීවරධාරියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ අදාළ චීවරධාරියා “බූරු මූණා” ට පොලීසියෙන් පළා යෑමට ද උදව්කළ අයෙක් බවයි.

2022 වසරේ දෙසැම්බර් මස 18 වනදා හංවැල්ල හරස් පාර ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළේ “බූරු මූණා” නැමැති රවිඳු සංඛ ද සිල්වා නම් අපරාධකරුය.

මේ අතර අදාළ චීවරධාරියා ද සමගින් ඊයේ (04) දිනයේදීත් අපරාධ කල්ලි සඳහා ආධාර අනුබලදුන් සැකකරුවන් 6 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

Related posts

වැට් බදු පැනවීම අසාධාරණයි.. සිගරට්ටුවට විතරක් නෙවෙයි බීඩියටත් බදු ගැසිය යුතුයි

colombotoday

විපක්ෂයට යන්න ලෑස්ති වෙලා තමයි පක්ෂව අත ඉස්සුවේ.. මධ්‍යම කාරක සභාවේදී තීරණය කරනවා – ඇමති චන්දිම

colombotoday

ජනපතිට නොබෙල් තෑග්ග දීමට යෝජනාවක්

colombotoday

විරෝධතා පැවැත්වීමට පැය 6 කට පෙර පොලිසියෙන් අනුමැතිය ලබා ලබාගත යුතුයි

colombotoday

හෙරොයින් ග්‍රෑම් 213ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවේ

colombotoday

කොළඹ නුවර ප්‍රධාන පාරට ගසක් කඩා වැටෙයි

Admin