Colombo Today Local News

යතුරුපැදියක් මොටර් රථයක ගැටී තරුණයින් දෙදෙනෙකු මරු දකී

පන්නිපිටිය, පොල්වත්ත මන්සංදියේ දී සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (02)දින අලුයම එම අනතුර සිදුව ඇත.

තලවතුගොඩ සිට පැමිණි මෝටර් රථයක් පොල්කොටුව මාර්ගයට දෙසට හැරවීමට උත්සහ කිරීමේදී පන්නිපිටිය දෙස සිට පැමිණි යතුරුපැදියක් එම මොටර් රථයේ ගැටී තිබේ.

අදාළ අනතුරින් එක් පුද්ගලයෙක් එම ස්ථානයේදී ම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ යටියන්තොට, මලල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි කසුන් බණ්ඩාර සහ මීගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රබෝධ මදුෂාන් නැමති 25 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.

Related posts

ඥානසාර හිමිගේ සාක්ෂි රෙකොර්ඩ් කරන්න හවුල් උලමා සභාවේ නීතිඥයාට අධිකරණ කටයුතු තහනම් කෙරේ

colombotoday

ප්‍රමිති ආයතනයේ අනුමැතියද අතුව සතොසාට කුණු සැමන් ටින් යවලා

colombotoday

උතුරේ විහාරස්ථාන 131ක් ඉවත් කරන්නැයි උතුරු පළාත් සභාවේ යෝජනා වෙයි

colombotoday

ETI ෆයිනෑන්ස් සහ ස්වර්ණමහල් අධ්‍යක්ෂවරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ?

colombotoday

ලබන ඉරිදා සහ සඳුදා ආර්ථික මධ්‍යස්ථාන යළි විවෘතයි

colombotoday

“අපි නව රැකියා පනස්දාහක් බිහි කළා.. තේ වතු, මැණික් පතල්, ගාමන්ට්වල රැකියා ඕන තරම්.. දැන් ඉන්න උන් ඒවට කම්මැලියි” – රාජ්‍ය ඇමති සුජීව

colombotoday