Colombo Today Local News

“ලෝක හොරු අල්ලන්න FCID ඕනමයි.. වහන්නෙත් නැ, වහන්න දෙන්නෙත් නෑ” – නි.ඇමති අජිත්

Ajith(2)

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨැසය විසුරුවා හැරිමට යන බව පලවන වාර්තා සත්‍ය නොවන බවත්, විසුරුවා හැරීමේ කිසිම අදහසක් නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුලින් හදුන්නෙත්ති මහතා පදනම් විරහිතව එවැනි තොරතුරුක් ප්‍රකාශ කර ඇති බවත් කිසිලෙසකින්වත් මුල්‍ය අපරාධ කොට්ඨාසය විසුරුවාහැරීමට ඉඩ නොදෙන බවත් ඔහු පවසයි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටවූයේ විශේෂ අරමුණක් ඇතිව. ඒ තමයි ලෝක හොරු අල්ල ගන්න එක. ඒ නිසා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිළධාරීන්ට කලකිරෙන්න කිසිම හේතුවක් නැහැ. ඔවුන් බොහොමයක් විමර්ශන අවසන් කරලා නීතිපතිට භාරදීලයි තිබෙන්නේ. මූල්‍ය අපරාධ කොට්ඨාසය විසුරුවන්න නොවෙයි තවත් ශක්තිමක් කරලා අපේ ආණ්ඩුවේ කවුරු හරි හොරකමට සම්බන්ධයිනම් එවුන්ව අල්ල ගන්නත් අනාගතයේ හොරකම් සිදු නොවෙනන්ත් මූල්‍ය අපරාධ කොට්ඨාසය අවශ්‍යයි.

Related posts

ආරක්ෂාව ගැන මම සහතික වෙනවා.. නැවත යාපනේ යන්න – ජනපති සිංහල සිසුන්ගෙන් ඉල්ලයි

colombotoday

ජල විදුලිය දීමට හැක්කේ තවත් සති 6ක් පමණයි

Admin

නිරෝධායනයට ලක් කොට සිටින පිරිසට ජන්දය දැමීමට අවස්ථාව නැහැ

colombotoday

අශිෂ්ට ප්‍රකාශන තහනම් කිරීමට පනතක්

colombotoday

SAITM ප්‍රධානියාට මාළඹේදී වෙඩි ප්‍රහාරයක් !!

colombotoday

කැබිනට් ඇමති ධුරයක් නැතැයි සම සමාජයෙන් විරෝධය

colombotoday