ArticlesColombo Today Local News

ඒකාබද්ධය ඇතුළු පාර්ලිමේන්තුවම මර නින්දට යවා රණවිරුවන් කොටු කරන මර උගුල ඇටවෙයි !

giod856ලෝකයේ යම් රටක නීත්‍යානුකූල හමුදාවක්‌ එම රටට එරෙහිව යුද වැදුනු ම්ලේච්ඡ ත්‍රස්‌තවාදී ව්‍යාපාරයක්‌ පරාජය කිරීම සඳහා එම රටේ නීත්‍යානුකූල රජයේ නියෝග මත ක්‍රියා කිරීම ජාත්‍යන්තර නීතිය යටතේ වරදක්‌ නොවේ. නමුත් එවැනි යුද්ධයකදී අනුගමනය කළ යුතු යම් ප්‍රමිතීන් පිළිබඳ ජාත්‍යන්තර එක`ගතාවයන් ඇත. එවැනි එක`ගතාවයන් තුට්‌ටුවකට නොසලකමින් ලෝකය පුරා ගැටුම් අවුලමින් ඒවාට යුදමය වශයෙන් Rජුව මැදිහත්වී අහස පොළොව නුහුලන මහා අපරාධ සිදුකරන ඇමෙරිකානු සොල්දාදුවන් බේරා ගැනීම සඳහා ඇමෙරිකානු රජය විසින් විශේෂ නීතිමය රාමුවක්‌ සකස්‌ කොට ඇත. ඇමෙරිකානුවෝ සැම විටම තම එක සොල්දාදුවෙකු බේරා ගැනීම සඳහා සිවිල් පුරවැසියන් දහසක්‌ මරා දැමුවද එය ප්‍රසිද්ධියේ සාධාරණී කරණය කරති.

නමුත් අප රටේ දී සිදුවූයේ ඊට සම්පූර්ණයෙන්ම ප්‍රති විරුද්ධ ක්‍රියාවලියකි. ලක්‍ෂ 3කට අධික ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා අවසන් සටනේදී අපේ හමුදාවේ 6000 කගේ ජීවිත පරිත්‍යාග කිරීමට සිදුවිය. එවකට ඇමෙරිකානු තානාපති කාර්යාලයට අනුයුක්‌ත කොට සිටි ආරක්‍ෂක උපදේශක මේජර් ජෙනරාල් ලෝරන්ස්‌ නැමැත්තා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා හමුදාවට ඒ සා විශාල හානියක්‌ සිදුවූයේ සිවිල් ජනතාව බේරා ගැනීම සඳහා තෝරා තිබූ යුද උපක්‍රම නිසා බවය. අද යුද අපරාධ චෝදනා එල්ල වන්නේ ලෝකයේම ඇගයීමට ලක්‌විය යුතු එවැනි දියුණු හමුදාවකටය. ඇගයීම කෙසේ වෙතත් දැන් සිදුවන්නේ සැබෑ ලෙසම යුද අපරාධ සිදුකළ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන්ගේ උපදේශකයන්ව සිටි පිරිස්‌වල බලපෑම් මත ශ්‍රී ලංකා රජය විසින්ම තම හමුදාවට විරුද්ධව ක්‍රියාකිරීමට යුද අපරාධ අධිකරණයක්‌ පිහිටුවීමය. බාහිර බලපෑම් මත යම් රටක හමුදාවකට එරෙහිව එම රටේ රජය විසින්ම අනපනත් සම්මත කොට යුද අපරාධ චෝදනා කිරීමට එක`ග වූ යම් රටක්‌ වේනම් ඒ ශ්‍රී ලංකාව පමණි. අප ජීවත් වන්නේ එවැනි අරුම පුදුම ගුණමකු මිනිසුන් සිටින රටකය. එම රට තම හමුදාවට විරුද්ධව ජාත්‍යන්තර ආයතන විසින් පට්‌ටපල් බොරු චෝදනා එල්ල කරන විට ඊට එරෙහිව තම හමුදාව යුද අපරාධ නොකළ බවට හීන් කෙඳිරියක්‌වත් නැගුවේ නැත. මානව හිමිකම් සමුළුව ආශ්‍රිතව ගොඩ නැගුණු ජාත්‍යන්තර පීඩනය හමුවේ එවැන්නකට ඉඩක්‌ නැති වූ බවට තර්ක කළ හැක. එහෙත් ඒ වන විට රජය විසින් මහජන අරමුදල් යොදවා අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ දෙවන බල අධිකාරීන් මගින් ලබාගෙන තිබූ ජාත්‍යන්තර විද්වත් වාර්තා 6ක්‌ නිකුත් වී තිබුණි. සර් ජෝන් හෝමස්‌, සර් ජෙaරි නයිස්‌, සර් ඩෙස්‌මන් සිල්වා වැනි ජාත්‍යන්තර කීර්තියට පත් යුද විශේෂඥයින් පස්‌ දෙනෙකු විසින් ලබාදී තිබූ එම විශේෂඥ වාර්තා 6 මගින් ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව එල්ල වූ චෝදනා ඉතා ප්‍රබල ලෙස නිශේධනය කෙරිණි.

ජනාධිපතිතුමා විසින් රණවිරුවන්ට එල්ල වූ චෝදනා පිළිබඳ ස්‌වයංව තම මතය ප්‍රකාශ නොකිරීම පිළිබඳව ද නිදහසට කාරණා තිබිය හැක. එහෙත් සේනාධිනායකයා ලෙස තම හමුqදාවට පක්‍ෂව ඉදිරිපත් කිරීම සඳහා ඒ වන විට තමා සතුව තිබූ සාක්‍ෂි ඉදිරිපත් නොකිරීම පිළිබඳව නිදහසට කාරණා ඉදිරිපත් කළ හැකිද? විශේෂයෙන්ම සැබෑ ලෙසම යුද අපරාධවලට වගකිව යුතු බෙදුම්වාදී දේශපාලන පක්‍ෂවල ඉල්ලීම මත එසේ තම පරම සහ අවම යුතුකම පැහැර හැරීම එතුමා විසින් සාධාරණීකරණය කරන්නේ කෙසේද? අනාගතයේදී එය දෝෂාභියෝගයට නිමිත්තක්‌ ලෙස හෝ රාජ්‍ය ෙද්‍රdaහී වීමේ වරදක්‌ ලෙස වුවද ඉතිහාසය විසින් විග්‍රහ කිරීමට ඉඩ ඇත. එසේ වුවත් එතුමා විසින් එම ඉතිහාසය වෙනස්‌ කිරීම සඳහා යම් පියවරක්‌ ඉදිරියට තැබීමට ඉදිරිපත්වීම පිළිබඳව රටට ආදරය කරන සියලු ජනතාව සතුටට පත්වනු ඇත. මේ වන විට ජනාධිපතිතුමා විසින් තමා යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවන් කැඳවීමට ඉඩ නොදෙන බවට අවස්‌ථා කිsපයකදීම ප්‍රකාශ කිරීම දේශපාලන භේදයකින් තොරව ඇගයීමට ලක්‌විය යුතුය.

එහෙත් බටහිර රටවල නායකයින් පමණක්‌ නොව රාජ්‍ය නිලධාරීන් ඉදිරියේ පවා යටහත් පහත් ලෙස ඔවුන්ගේ මතවාද අනුමත කිරීම මහා රාජ්‍යතාන්ත්‍රික භාවයක්‌ ලෙස හුවා දක්‌වන අප රටේ විදේශ ඇමැතිවරයාට අනුව ජනාධිපතිවරයාගේ එම මතය පුද්ගලික එකකි. ඒ අතර මානව හිමිකම් මහකොමසාරිස්‌වරයා විසින් පසුගිය ජුනි 29 වැනිදා ඉදිරිපත් කළ වාචික ප්‍රකාශය මගින් කියා සිටියේ ඇමෙරිකානු යෝජනාව අනුව ක්‍රියා කිරීම නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අත්‍යවශ්‍ය බවට අප රටේ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කිරීම තමා අගය කරන බවය. එසේම සුමන්දිරන් මන්ත්‍රිවරයා ඊට පෙර ජුනි 14වැනිදා වොෂින්ටන් නුවරදී ප්‍රකාශ කළේ යුද අපරාධ අධිකරණයට අදාළ කරුණු සහ ඇමෙරිකානු යෝජනාවේ සෙසු කොන්දේසි පිළිබඳව ඇමෙරිකාව, ශ්‍රී ලංකාව සහ ටී.එන්.ඒ පක්‍ෂය තුන්පාර්ශ්වීය ගිවිසුමකට එළඹුණු බවය. නමුත් එම එක`ගතාවයට අනුමැතිය දුන්නේ ජනාධිපතිවරයා විසින්ද එසේ නැතහොත් විදේශ අමාත්‍යවරයා විසින්ද යන්න සුමන්දිරන් මන්ත්‍රිවරයා එළිදරව් කළේ නැත. කෙසේ වෙතත් විදේශිකයකු ලෙස කටයුතු කරන අප රටේ විදේශ අමාත්‍යවරයා දෙමළ ඩයස්‌පෝරාවේ ව්‍යාජ සංඛ්‍යාලේඛන වලට සහතික ලබාදෙමින් ශ්‍රී ලංකාව කොටු කිරීමේ ජාත්‍යන්තර මෙහෙයුම දිරිමත් කරන බවද ඉතා පැහැදිලිව පෙනේ. යුද සමයේදී අතුරුදන් වූ බවට ලැබෙන බොරු පැමිණිලි ඇතුළත්ව එම සංඛ්‍යාව 20000කට අඩු බව පරණගම කොමිසම ප්‍රකාශ කරන විට විදේශ අමාත්‍යවරයා කියන්නේ එම සංඛ්‍යාව 65,000ක්‌ බවය.

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා ඉදිරිපිටදී සිදුකළ එම ප්‍රකාශයට යම් වලංගු භාවයක්‌ හිමිවේ. නමුත් මේ වනතුරු එය ප්‍රතික්‌ෂේප කරමින් ජනාධිපතිවරයා හෝ විදේශ අමාත්‍යවරයා විසින් කිසිදු නිල ප්‍රකාශයක්‌ සිදුකොට නැත. එවැනි තත්ත්වයක්‌ තුළ අද ජනාධිපතිතුමා විසින් තමා විදේශීය විනිසුරුවන්ගේ සහභාගීත්වය අනුමත නොකරන බවට කරනු ලබන ප්‍රකාශයේ වලංගුභාවය ප්‍රශ්න කිරීමට ලක්‌වේ. ඊට අමතරව එතුමා රටේ ජනතාව පුදුමයට පත් කරමින් බටහිර රටවල් ඉරාකයට එරෙහිව සිදුකළ මැදිහත්වීම ප්‍රශ්න කළත් මානව හිමිකම් කොමසාරිස්‌ විසින් අප රටේ හමුදාව ප්‍රතිසංස්‌කරණය කළ යුතු ආකාරය පිළිබඳව නිර්ණායක පැනවීම සහ රටේ නීති පද්ධතිය වෙනස්‌ කිරීමට යෝජනා කිරීම පිළිබඳව තම අසතුට මේ වන තුරු ප්‍රකාශයට පත්කොට නැත.

ඒ අතර ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත අහෝසි කිSරීම ඇතුළු මානව හිමිකම් කොමසාරිස්‌ ප්‍රමුඛ බටහිර බලවේග විසින් කරනු ලබන බලපෑම්වලට අවනත වෙමින් දැන් ආණ්‌ඩුව විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. නීතිපතිගේ නියෝග මත ප්‍රබල කොටි සාමාජිකයකු වන ජෝඡ් මාස්‌ටර් නිදහස්‌ කරන්නේද එම ක්‍රියාවලිය ආරම්භ වූ බවට සංඥාවක්‌ ලෙස යෑයි උපකල්පනය කළ හැක. නමුත් ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබෙන බුද්ධි අංශ නිලධාරීන් වසරකට ආසන්න කාලයක්‌ අත්අංඩගුවේ තබාගෙන සිටින්නේ නීතිපතිගේ විශේෂ මැදිහත්වීම යටතේමය. ඒ අනුව ශ්‍රී ලංකා රජය දෙමළ ඩයස්‌ පෝරාවට සහ අප රටේ බහුතර ජනතාවට ලබාදෙන්නේ පරස්‌පර විරෝධී සංඥා බව පැහැදිළිව පෙනේ. එසේම යුද්ධය පැවැති සමයේ සටන් වලදී සිවිල් වැසියන් පිරිසක්‌ ඝාතනයට ලක්‌වීම පිළිබඳව හමුදා නිලධාරීන් 8 දෙනෙකුට විරුද්ධව මහාධිකරණයේ විභාග වන නඩුවෙන් එම නිලධාරීන් වරදකරුවන් කිරීමටද නීතිපති දෙපාර්තමේන්තුව බරපතළ වෙහෙසක්‌ ගන්නා බව පෙනේ. කොටි ත්‍රස්‌තවාදීන්ට සලකන ආකාරයේ සහ හමුදා නිලධාරීන්ට සලකන ආකාරයේ පවතින බරපතළ වෙනස එම සිද්ධි මගින් පැහැදිළි වේ. තමා බලයට පත් කිරීමට වෙහෙසුණු දෙමළ ඩයස්‌පෝරාව ප්‍රමුඛ දෙස්‌ විදෙස්‌ බෙදුම්වාදී බලවේග සතුටු කිරීම සඳහා ආණ්‌ඩුව විසින් එම වෙනස පෙන්වන බවට සැකයක්‌ නැත.

නමුත් ආණ්‌ඩුව දැනුවත්ව හෝ නොදැනුවත්ව ප්‍රබල මනෝවිද්‍යාත්මක යුද උපක්‍රමයක්‌ද දියත් කොට ඇත. එනම් හමුදා නිලධාරීන්ට ද`ඩුවම් කිරීම සාධාරණීකරණය කිරීමයි. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධිකරණ පද්ධතියෙන් පවා යුද අපරාධ වලට ද`ඩුවම් කරනවානම් හයිබ්‍රිඩ් අධිකරණයෙන් ද`ඩුවම් කිරීමේ වරද කුමක්‌දැයි මහජන මතයක්‌ එමගින් ඇතිවේ. එහෙත් ඒ මගින් රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ 28000 ක්‌ සහ අතපය, ලේ, මස්‌, දන්දුන් තවත් 29000 ක්‌ රණවිරුවන්ගේ ඥාතීන්ට මෙන්ම කිට්‌ටුවන්තයින්ට ලබාදෙන පණිවුඩය කුමක්‌ද? ඒ සියලු සංඥා සහ පණිවුඩ ඉක්‌මවා යන මහා බෝම්බයක්‌ තව නොබෝ දිනකින් පත්තුවීමට නියමිතය. එහෙත් රටේ ජනතාවට හෝ ආරක්‍ෂක හමුදාවට හෝ විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂවලට එම කාල බෝම්බයේ ටික්‌ ටික්‌ හ`ඩ තවම ඇසෙන්නේ නැත. ඒ බැලූ බැල්මට අහිංසක බව පෙනෙන අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනතයි. එම පනත ජුනි 22දා පර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත්කොට පළමු වර කියෑවීම අගමැතිවරයා විසින් ඉදිරිපත් කිරීමේදී සභාවේ ගාලගෝට්‌ටිය මැද විපක්‍ෂ මන්ත්‍රිවරුන්ගේ අවධානය ඊට යොමු වූයේ නැත. ඉන් පසු න්‍යාය පත්‍ර දෙකකට එම පනත ඇතුළත්වී තිබුණේ නැත. ඒ අනුව ජුලි පස්‌වැනිදා එය න්‍යාය පත්‍රයේ දක්‌නට ලැබෙන විට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එම පනතට එරෙහිව අභියෝග කිරීමට ලබාදෙන දින 7 ක කාලය ඉක්‌මවා ගොස්‌ තිබුණි.

එමනිසා ආරක්‍ෂක හමුදා සාමාජිකයින්ගේ මූලික ඓතිවාසිකම් වලට බරපතළ අභියෝගයක්‌ වන එම පනත් කෙටුම්පත නීතිය ඉදිරියේ අභියෝගයට ලක්‌වන්නේ නැත. එය පාර්ලිමේන්තු ඉතිහාසයේ මන්ත්‍රීවරුන් විසින් තම අවම වගකීම පැහැර හරිනු ලැබූ අවස්‌ථාවක්‌ ලෙස ඉතිහාසගත වනු ඇත. විශේෂයෙන්ම විපක්‍ෂයේ මන්ත්‍රිවරුන්ට එම චෝදනාවෙන් ගැලවිය නොහැක. විකල්ප අමාත්‍ය මණ්‌ඩල වෙනුවට සටන්බිමේ වගකීම් බාරගන්නා තානාපති මණ්‌ඩලයක්‌ පත්කළා නම් ඒ ඒ සටන් බිම්වල රේඩාර් තිරය දෙස නිරතුරුව බලාසිටින මන්ත්‍රිවරයකු නිර්මාණය වේ. යහපාලන රජය විසින් රට ඇදදමා ඇති අර්බුදයේ තරම අනුව ඊනියා අමාත්‍ය මණ්‌ඩලයේ සාමාජිකයින් ගණනට වඩා සටන් පෙරමුණුවලට පත්කළ යුතු ජෙනරාල්ලා ගණන වැඩිවනු ඇත. එවිට අනාගතයේදී ඇමැතිකම් හිමිවිය යුත්තේ සටන්බිම්වල ජයග්‍රහණය ගෙනෙන ජනරාල්ලාට බව ජනතාව විසින්ම ඉල්ලා සිටිනු ඇත. අතුරුදන් වූවන්ගේ කාර්යාලය නමින් එම පනත හැඳින්වූවත් එය අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විභාග කරන අර්ධ අධිකරණ බලය සහිත කොමිසමකි. එය පරණගම කොමිසම වැනි අහිංසක කොමිසමක්‌ නොවේ.

මෙම පනත අනුව එම කාර්යාලය මගින් යුද අපරාධ අධිකරණ ක්‍රියාවලියට ඉතා ආසන්න ක්‍රියාවලියක්‌ ආරම්භ වේ. එම ක්‍රියාවලිය මගින් අර්ධ අධිකරණ ක්‍රියාවලියක්‌ සිදු වුවත් ඊට සාක්‍ෂි ආඥා පනතේ විධි විධාන අදාළ නොවේ. ඒ අනුව සිවිල් අපරාධ අධිකරණයක අභියෝගයට ලක්‌විය හැකි දුර්වල සහ ගොතන ලද සාක්‍ෂි මෙම කොමිසම ඉදිරියේ වලංගු වේ. එම තත්වය තුළ ඔවුන් විසින් චෝදනාවට ලක්‌කිරීම සඳහා තෝරා ගන්නා හමුදා නිලධාරින්ට විරුද්ධව හිතා මතා ගොතන සාක්‍ෂි ඉදිරිපත් කළ හැක. විශේෂයෙන්ම විදේශ රාජ්‍ය නොවන සංවිධානවලට තොග වශයෙන් චෝදනා සහ සාක්‍ෂි ඉදිරිපත් කිරීමට ලැබෙන ලිහිල් ඉඩ කඩ තුළ තත්වය ඉතා භයානක වේ. මෙම කාර්යාලය මගින් බොරු සාක්‍ෂිකරුවන්ට ඉලෙක්‌ට්‍රොනික්‌ ක්‍රම උපයෝගීකොට ගෙන විදේශීය රටවල සිට සාක්‍ෂි දීමට ලැබෙන ඉඩ කඩ සහ වින්දිතයින් සහ සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීමේ නව පනත නැවත සංශෝධනය කිරීමෙන් ලබාගැනීමට නියමිත තවදුරටත් වාසි සහගත තත්වය උපයෝගීකොට ගෙන බොරු චෝදනා සහ ඊට අදාළ බොරු සාක්‍ෂි නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක්‌ නිර්මාණය කෙරෙනු ඇත. ඊට අමතරව මෙම කාර්යාලය ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සම`ග ගිවිසුම්ගතව අදාළ ක්‍රියාවලියට අවශ්‍ය මූල්‍යමය සහ අනෙකුත් සහය ලබාගැනීමට පනත මගින් ඉඩ සැලසීම නිසා එම සංවිධාන විසින් සමස්‌ථ ක්‍රියාවලිය හැසිරවීමේ බරපතළ ඉඩක්‌ද විවර වේ. මෙහි ඇති භයානකම තත්වය වන්නේ මෙම කොමිසමේ හෙවත් කාර්යාලයේ සොයාගැනීම් මත Rජුව නඩු පැවරීමක්‌ සිදු නොවන බව සහතික කිරීම මගින් පාවා දෙන්නන් ලවා පාපොච්චාරණය කිරීම දිරිමත් කිරීමයි.

මෙම කොමිසම ඉදිරියට ඕනෑම හමුදා නිලධාරියකු සාක්‍ෂිකරුවෙකු ලෙස කැඳවිය හැකි අතර ලිපි ලේඛන ඉදිරිපත් කරන ලෙස නියෝග කළ හැක. එය පැහැර හරිනු ලබන නිලධාරීන් අභියාචනා අධිකරණයට අපහාස කළ වුන් සේ සලකා අභියාචනා අධිකරණය ඉදිරියේ ඔවුන්ට නඩු පැවරෙනු ඇත. ඊට අමතරව මහෙස්‌ත්‍රාත් අධිකරණයේ අවසරය මත හමුදා කඳවුරු පරීක්‍ෂා කිරීමට මෙන්ම මිනී වළවල් හැරීමටද මෙම ඊනියා කාර්යාලයට බලය ඇත. බොහෝ විට එම බලය භාවිතා කොට එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් විසින් භාවිතා කළ සමූහ සොහොන්බිම්වල වගකීම ද හමුදාව පිට පැවරෙනු ඇත. චෝදනා එල්ල කිරීමට සහ සාක්‍ෂි ඉදිරිපත් කිරීමට බලාසිටින ජීවිත බේරාගත් ත්‍රස්‌තවාදීන් සහ ඔවුනට සහාය දුන් දේශපාලකයින් තමා වගකිව යුතු එම සමූහ මිණිවලවල් ගැන ඉතා හොඳින් දන්නා නිසා තත්වය තවත් බරපතළ වනු ඇත. මෙම පනතේ තිබෙන බරපතළම ප්‍රතිපාදනයක්‌ වන්නේ වරදකරුවකු බවට ප්‍රකාශයට පත්වන රණවිරුවන්ට ශ්‍රී ලංකාවේදී නඩු පැවරුවත් නැතත් විදේශීය රටකදී ඔවුන්ට දඬුවම් කිරීමට ඉඩ ලැබීමයි. ඊට අමතරව අතුරුදන් වූවකු බවට යමෙකු හඳුනාගෙන සහතිකයක්‌ නිකුත් කළ පසුව ඔහු හෝ ඇය ජීවත්වන බව දැන ගත්තද ඒ බව අනාවරණය කිරීමට අදාළ පුද්ගලයාගේ අවසරය ලබාගත යුතුය. එමගින් අතුරුදන් වූවන් ගැන ඉදිරිපත් කරන බොරු සංඛ්‍යාලේඛන තහවුරු වේ.

දකුණු අප්‍රිකාවේ මොඩලයක්‌ ගැන බයිලා කියමින් රණවිරුවන්ට චෝදනා එල්ල කරන සැබෑ යුද අපරාධකාරයින්ගෙන් ජනතාව ප්‍රශ්න කළ යුත්තේ මෙවැනි ක්‍රමවේදයක්‌ තිබෙන රටක්‌ නම් කරන ලෙසය. එක්‌ පැත්තකින් ඔවුන් තමා කළ සියලු වැරදි වලට පොදු සමාවක්‌ අපේක්‍ෂා කරති. රණවිරුවන්ට පමණක්‌ යුද අපරාධ චෝදනා එල්ලවන විට ටී.එන්.ඒ. පක්‍ෂ සාමාජිකයින්ට එම චෝදනා එල්ල නොවන්නේ ඒ පොදු සමාව නිසාය. අනෙක්‌ පැත්තෙන් ඔවුහු සත්‍ය දැනගැනීම මගින් සමාව දීම දිරිමත් කිරීම සඳහා සත්‍ය සෙවීමේ කොමිසමක්‌ අවශ්‍ය බව කියන අතර දඬුවම් කිරීම සඳහා අපරාධ අධිකරණයක්‌ ද අවශ්‍ය බව කියති. දකුණු අප්‍රිකාවේ හෝ ලෝකයේ කිsසිදු රටක මේ ආකාරයට සාමාන්‍ය නීතිය යටතේ දඬුවම් කරන අතර සත්‍ය සෙවීමේ කොමිසම, අතුරුදන් වූවන්ගේ කාර්යාලය සහ යුද අපරාධ අධිකරණය නමින් විශේෂ ක්‍රියාවලි තුනක්‌ මගින් රණවිරුවන් කොටුකරන දුෂ්ඨ ගුණමකු ක්‍රියාවලියක්‌ පිළිබඳ ෙදජනක උදාහරණ සොයාගත නොහැක.

මෙම කාර්යාලය හෙවත් ඊනියා කොමිසම මගින් චූදිතයින් ලෙස නම් කරනු ලබන හමුදා නිලධාරීන් Rජුව අධිකරණයට ඉදිරිපත් නොකෙරෙනු නමුත් ඉදිරි ක්‍රියාමාර්ග සඳහා එම වාර්තා නීතිපතිට සහ හමුදාපතිවරුන්ට යොමුකෙරේ. ඉන් පසුව එම වාර්තා පදනම් කරගෙන ජීනීවා යෝජනාවේ අටවැනි වගන්තිය ප්‍රකාරව නඩු ඇසීමෙන් තොරව පරිපාලන වශයෙන් දඬුවම් කිරීමේ ක්‍රියාවලිය මහාපරිමාණයෙන් ආරම්භ වනු ඇත. ඒ අනුව අතුරුදන් වූවන්ගේ කාර්යාලය තමන්ට ද`ඩුවම් කිරීමට අවශ්‍ය රණවිරුවන් තෝරාගෙන ඔවුනට විරුද්ධව චෝදනා නිර්මාණය කරන චෝදනා කර්මාන්ත ශාලාවක්‌ බවට පත්වන බවට කිසිදු සැකයක්‌ නැත. මානව හිමිකම් කොමසාරිස්‌ මෙවර ඉදිරිපත් කළ වාචික වාර්තාවෙන් ජාත්‍යන්තර සාම සාධක සේවයට හමුදා නිලධාරීන් තෝරාගැනීමට පෙර පරිපාලන වශයෙන් එල්ලවන චෝදනා සැලකිල්ලට ගතයුතු බව නිර්දේශ වන්නේ අහම්බෙකින් නොවේ. අවසන් වශයෙන් කිව යුත්තේ රණවිරුවන් සහ රට පාවාදෙන මෙවැනි පනතකට සංශෝධන ඉදිරිපත් කරමින් එය සම්මත කිරීමට විපක්‍ෂය සුපුරුදු පරිදි සූදානම් වනවානම් එම වරදට ඉතිහාසය විසින් ඔවුන් කිසිවකුට කිසිදා සමාවක්‌ නම් නොදෙනු ඇත.

වෛද්‍ය වසන්ත බණ්ඩාර

Related posts

ලංකාවේ ආයෝජනයට මුදල් ඇමති ගෙන්වූ සුපිරි ආයෝජකයා මෙන්න “හර්බජන් සිං”

colombotoday

22 දෙවනවර කියවීමේ විවාදයට දින දෙකක්

colombotoday

වනඅලි එලවන්න වසරකට අලි වෙඩිවලට රුපියල් මිලියන 2800ක්

colombotoday

රාගම වෙඩි තැබීමකින් තිදෙනෙකුට තුවාල

Admin

සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Admin

මැතිවරණය පිලිබද පෙත්සම් විභාගයට ගන්නේද? නැද්ද? තීන්දුව හෙට

colombotoday