Colombo Today Local News

මාව­නැල්ල ගල් කොරියේ පුපු­රන ද්‍රව්‍ය නැති­වීම ගැන 52කගෙන් ප්‍රකාශ අර­ගෙන

මාව­නැල්ල, මොල්ලි­ගොඩ ප්‍රදේ­ශයේ ගල් කොරි­යක පුපු­රන ද්‍රව්‍ය තොග­යක් අතු­රු­දන් වීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් මේ වන විට පුද්ග­ල­යන් 52 දෙන­කු­ගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇතැ­යිද දුර­ක­ථන අංක හා සීසී­ටීවී දර්ශන ඔස්සේ ඉදිරි විම­ර්ශන කට­යුතු කර ගෙන යනු ලබන බව ද උසස් පොලිස් නිල­ධා­රි­යකු ඊයේ (01)දින පැව­සීය. එම ගල් කොරියේ පුපු­රන ද්‍රව්‍ය අතු­රු­දන් වීම පිළි­බඳ සොයා බැලීම සඳහා මේ වන විට විශ්‍රා­මික හමුදා නිල­ධා­රි­යකු පත් කර ඇත. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව, රාජ්‍ය බුද්ධි සේවය, යුද හමුදා බුද්ධි අංශය, කෑගල්ල කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශය, අප­රාධ ස්ථාන පරී­ක්ෂණ ඒක­කය හා මාව­නැල්ල පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශය මේ සිද්ධිය පිළි­බඳ විවිධ පැති­කඩ ඔස්සේ පුළුල් විම­ර්ශන පව­ත්වයි.

මේ ගල් කොරියේ පුපු­රන ද්‍රව්‍ය කිසි­යම් අයකු හෝ කණ්ඩා­ය­මක් සොරා ගෙන ගොස් අන්ත­වා­දීන් වෙත දී ඇත්ද යන්න පිළි­බඳ ආර­ක්ෂක අංශ­වල අව­ධා­නය යොමු වී තිබේ. ගල් කොරියේ පුපු­රන ද්‍රව්‍ය අතු­රු­දන් වීමත් සමඟ දින කිහි­ප­ය­කට පසු මාව­නැල්ල හිගුල ප්‍රදේ­ශයේ බුදු මැදු­රක ඉදිරි පස ආර­ක්ෂිත වීදු­රු­වට ගල් ප්‍රහා­ර­යක් එල්ල කොට ඇති අතර එම සිද්ධි­යත් සමඟ මාව­නැල්ල ප්‍රදේ­ශ­යට ආර­ක්ෂක අංශ­වල විශේෂ අව­ධා­නය යොමුවී තිබේ.

Related posts

සියලු කලාකරුවන් වෙනුවෙන් නොමිලේ රක්ෂණාවරණයක්

colombotoday

ජනපති රුපියලෙන් රුපියල ඉතිරි කරපු හැටි අගමැති කියයි

colombotoday

පූජිත අනිවාර්ය නිවාඩු යවයි… වැඩ බලන පොලිස්පති ලෙස චන්දන වික්‍රමරත්න පත් කරයි

colombotoday

ගුරුවරිය දණ ගැස්සූ නඩුවෙන් පා. මන්ත්‍රී චාමර සම්පත් නිදහස්

colombotoday

කොළඹට කුරියර් කරන්න ගිය ගෑස් සිලින්ඩර් 20 ක් පොලිස් භාරයට

colombotoday

හැබැයි බාරගත්ත ගමන් ලොකුවට කරන්න බෑ

Admin