Colombo Today Local News

ගුරුවරිය දණ ගැස්සූ නඩුවෙන් පා. මන්ත්‍රී චාමර සම්පත් නිදහස්

බදුල්ල දෙමළ බාළිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි භවානි රඝුනාදන් මහත්මිය දණ ගැස්සූ බවට චෝදනා ලබා සිටි ඌව හිටපු ප්‍රධාන ඇමති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක නිදොස් කොට නිදහස් කරන්නැයි බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද(15)දින නියම කර තිබේ.

සමාථ මණඩලයේදි ඇති වී තිබෙන සමථය අනුව චූදිත මන්ත්‍රීවරයා නිදොස් කොට නිදහස් කරන බව මහේස්ත්‍රාත්වරයා දන්වා සිටි.

බදුල්ල දෙමළ බාළිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි භවානි රඝුනාදන් මහත්මිය ගේ පැමිනිල්ලක් මත මෙම නඩුව පවරා තිබිණ.

නීතිපති උපදෙස් මත මෙම නඩුව සමථමණ්ඩලයට යොමුකිරීමට මහේස්ත්‍රාත්වරයා ඉකුත් දා නියෝග කළේය.

ඒ අනුව බදුල්ල සමථ මණ්ඩලය කැදවූ අවස්ථාවේ දෙපාර්ශවයේ එකගතාව මත සමථයකට පත්ව ඇත.

භවානි රඝුනාදන් මහත්මිය අධිකරයට පැමිණ සිට නැත.

Related posts

ගල්කිස්සේ අතුරු මාර්ගයක වැටී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ

colombotoday

රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති

colombotoday

කුරානයට අපහාස කළේයැයි ඥානසාර හිමිට විරුද්ධ නඩුව කල් යයි.

colombotoday

භූමිතෙල් ලබාදීමත් සීමාවෙයි

colombotoday

දේශපාලනඥයන්ගේ බලපෑමට නීතිය නමන්න එපා. පොලිස්‌පති ස්‌ථානාධිපතිවරුන්ට උපදෙස්‌ දෙයි

colombotoday

වහබ්වාදයේ ව්‍යාප්තිය උලමා සභාවටත්. | කොමිසමෙන් උලමාගේ කුප්ප වැඩ ගැන එලියට. | නමුත් තහනම් කරන්න කියා නෑ.

colombotoday