Colombo Today Local News

යුක්‍රේන සංචාරකයින් පිරිසක් අදත් දිවයිනට…

යුක්‍රේනයේ සිට තවත් සංචාරකයින් 215 දෙනෙකු අද දිවයිනට පැමිණෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළේ, එම සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දී ඇති උපදෙස් ප්‍රකාරව දින 14 ක් නිරෝධායනය කරන බවය.

මේ වනවිට යුක්‍රේනයෙන් පැමිණි සංචාරකයින් 389 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටින බව ද ඇය පැවසුවා ය.

ඔවුන්ගෙන් 5 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති අතර ඉන් සෙසු සංචාරකයින්ට බලපෑමක් නොවන බව ද සංවාරක සංවර්ධන අධිකාරිය පැවසීය.

එම පිරිස දකුණු වෙරළ තීරයේ තෝරාගත් සංචාරක ගමනාන්ත වෙත නිරෝධයන ක්‍රියාවලියෙන් අනතුරුව සංචාරය කිරීමට නියමිතය.

Related posts

ත්‍රිකුණාමල රෝහලේ හෙදියන් පහකට කොරෝනා | වැක්සීනයේ පළමු මාත්‍රාව ලබාගත් දෙදෙනකුත් ඒ අතර

colombotoday

ආණ්ඩුවට එරෙහිව බැසිල්ගේ කැරැල්ල බදුල්ලෙන් ඇරඹෙයි

colombotoday

ඇඳිරි නීති කාලය තුල පොලිස් මාර්ග බාධක 900ක්

colombotoday

පුපුරණ ද්‍රව්‍ය ලග තබාගත් මුස්ලිම් ජාතිකයෙකුට ඇප.

colombotoday

බැසිල් තුන්වන වරටත් අත්අඩංගුවට

colombotoday

ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14ම අරී…

Admin