Colombo Today Local News

අගෝස්තු 31තෙක් ක්‍රියාත්මක වන පරිදි ඊයේ නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සංශෝධනය කෙරේ

පුද්ගල ඒකරාශීවීම් සිමා කරමින් ලබන අගෝස්තු 31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සංශෝධනය කර තිබේ.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යයක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත්තේ, සාප්පු සංකීර්ණ විවෘතව තබන බවය.

වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයන් 25%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගත හැකිය.

කොවිඩ් -19 න් ආරක්ෂා විමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත යුතු අතර, ආයතන තුළට ඇතුළත් කර ගත හැකි පුද්ගලයින් ගණන ආයතනයෙන් පිටත ප්‍රදර්ශනය කළ යුතු වේ. එයට තදින් ම අනුගත විය යුතු බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි.

මීට පෙර මෙය සඳහන් ව තිබුණේ ඊයේ (18) සිට සාප්පු සංකිර්ණ වසා ඇති බවත් සාප්පු සංකීර්ණ තුළ / පිටත පුද්ගලයින් රැස්වීම හා විනෝදාස්වාදයන්ට අවසර නැති බවත්ය.

මේ අතර යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේ, සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ට අනුව එක් නිවසකින් දෛනික අවශ්‍යතා සඳහා බැහැරට යා හැක්කේ එක් අයෙකුට පමණක් වන අතර රැකියා සඳහා පිටත්ව යන අයට සාමාන්‍ය පරිදි බැහැරව යා හැකි බවය.

Related posts

මුස්ලිම් කාන්තාවට ෂරියා නීතිය යටතේ දඬුවම් කිරීමෙන් ප්‍රසිද්ධ වූ අටුළුගම ගම්මානය කොරෝනා නිසා අගුළු දමයි

colombotoday

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි අද දිවයිනට

colombotoday

ලාබ ලබන රාජ්‍ය ව්‍යවසාය විකුණන්න ජනවරමක් නෑ

Admin

ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට වහාම ධුරවලින් ඉල්ලා අස්වෙන්නැයි ජනපති දන්වයි…

colombotoday

අභාවයට යන රමණීය පිං බිම – ගලෙන්බිදුනුවැව වේරගල පුරාණ විහාරය

colombotoday

ආගමික දේශන ඇතුළත් සී.ඩී. තැටි 797ක් පල්ලියක තිබී අත්අඩංගුවට…

colombotoday