Colombo Today Local News

බුද්ධි අංශ වාර්තා එද්දි අපි ප්‍රෙස් තිබ්බේ නෑ

මෑත කාලීන බුද්ධි අංශ වාර්තා අනුව රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවට ජනාධිපති අනුර කුමාර දිසානායක ජනතාවට සහතික වෙයි.

“අපි අදාළ ප්‍රදේශවල ආරක්ෂාවක් තහවුරු කරන්න කටයුතු කරලා තියෙනවා. සැකයට තුඩු දෙන කිහිපදෙනෙක් අත්අඩංගුවට ගන්නත් අපි කටයුතු කරලා තියෙනවා. හැබැයි ප්‍රවෘත්ති පළ වුණේ නෑ. ලංකාවේ සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව අපි තහවුරු කරලා තියෙනවා.

අපි දන්නවා මේ වෙනකොට ලෝකයේ යම්කිසි යුද ගැටුමක් නිර්මාණය වෙලා තියෙනවා. එහි යම් යම් අවදානම්කාරී තත්ත්වයන් ලංකාවටත් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් මීට සති දෙකකට පමණ පෙර, අපිට වාර්තා වුණා ලෝකයේ ඇති වී තිබෙන යුද ගැටුමේ යම් දෙයක් ලංකාවෙත් සිදුවිය හැකියි කියලා. අපි අදාළ ස්ථානවල වේගයෙන් ආරක්ෂාව තහවුරු කළා.

අපි බුද්ධි අංශ තොරතුරු එනකොට මාධ්‍ය සාකච්ඡා තියන්නේ නැහැ. බුද්ධි අංශ තොරතුරු එනකොට අපේ වගකීම තමයි ඒ තොරතුරුවලට අනුරූප වන ආකාරයට කටයුතු කිරීම. අපේ වගකීම තමයි පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම.

ඒ විතරක් නෙමෙයි ඒ බුද්ධි අංශය තොරතුරු මත වේගයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කළා. ඒ සඳහා සැකයට තුඩුදෙන කිහිපදෙනෙක් අත්අඩංගුවට ගන්නත් අපි කටයුතු කළා. ආණ්ඩුවක් හැටියට අපේ වගකීම ඒක. හැබැයි අපි මාධ්‍ය සාකච්ඡා තිබ්බේ නැහැ. අපි ක්‍රමවත්ව සියලුම ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කරලා තියෙනවා.”

ඉදිරි මහා මැතිවරණය වෙනුවෙන් පුත්තලමේ පැවැති ජාතික ජන බලවේගයේ රැළියක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේය.

Related posts

රටටම කුණු කේක් කවා මාට්ටු වූ “මදීනා ෆුඩ්ස්” අලුත් නමකින් එයි !

colombotoday

දෛනික කොවිඩ් මරණ අනුපාතයෙන් ශ්‍රී ලංකාව, දකුණු ආසියාවේ පළමු ස්ථානයට

colombotoday

පාරවල්වලට යද්දී මුහුණු ආවරණ අනිවාර්ය කරයි

colombotoday

සගවාගෙන සිටි ගෑස් සිලින්ඩර් තොගයක් වටලයි

colombotoday

රිය අනතුරකින් හමුදා සෙබළුන් 4 දෙනෙක් මරුට !

colombotoday

රන්ජන් ගම්පහ පස්වලකට පනී.. හෙණ ඉල්ලා කෑ ගසයි.. චෝදනාව කතානායක කරුට (Video)

colombotoday