කෝසගම සාලාව කදවුර පීපිරීම නිසා නිවාස හානි වූ ප්‍රදේශවාසීන් රජයෙන් සහන ඉල්ලා අද පෙරවරුවේ පාර වසා විරෝධතාවයක නිරත වූ අතර එම පිරිසට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලීසිය තීරණය කර තිබේ.
සබරගමුව පළාත භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ද සිල්වා මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ මීට පෙරද මෙවැනිම විරෝධතාවල නිරත වූ පුද්ගලයින්ද හඳුනාගෙන ඇති බවයි. මෙම ජනතාව යම් පීඩාවකට පත්ව ඇති නමුත් සෙසු ජනතාව පීඩාවට පත් කිරීමට ඔවුන්ට අයිතියක් නැතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.
නෙත් නිව්ස්