Colombo Today Local News

“සංහිදියාව ඉතා හොදයි.. ත්‍රස්ත පනත අහෝසි කර උතුරින් හමුදාව ඉවත් කරමු” ඊළාම් ඩයස්පොරාව

gtf
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනයේ හා සංහිඳියාවේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරන බව ලන්ඩනය පදනම් කරගත් ලොව ප්‍රමුඛතම දෙමළ ඩයස්පෝරා සංවිධානයක් වන “ගෝලීය දෙමළ සංසදය”පවසයි.

පසුගියදා නිමාවට පත්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 32 වැනි සැසිවාරයට ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ෂහිද් රා අද් අල් හුසෙයින් කුමරු විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ඉදිරිපත් කළ වාර්තාව සාදරයෙන් පිළිගන්නා අතරම ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බව ගෝලීය දෙමළ සංසදය විසින් අද (06) නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

ද්‍රවිඩ ජනතාවගේ ඉඩම් වලින් ආරක්ෂක හමුදා ඉවත් කොට එකී ඉඩම් එහි සැබෑ හිමිකරුවන්ට ලබාදීම, දැනට රඳවා සිටින පිරිස් සඳහා නඩු පැවරීම හෝ නිදහස් කරලීම, උතුරු-නැගෙනහිර පළාත්වල හමුදා සීමා කිරීම, ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීම, වින්දිතයින් ආරක්ෂා කිරීම සඳහා යම් යම් ක්‍රියා මාර්ග ගැනීම සිදුවෙමින් පවත්නා බව ඔවුන් සිය නිවේදනයෙන් පෙන්වාදී තිබේ.

සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා යම් යම් ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණයන් සිදුකෙරෙමින් පැවතීම පිළිබඳ ද තම ප්‍රසාදය හිමිවන බවත් ගෝලීය දෙමළ සංසදය සඳහන් කරයි.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ප්‍රජාව විසින් දිගු කාලීනව ශ්‍රී ලංකාවේ සාමය, සාධාරණත්වය හා දේශපාලන බලය බෙදාගැනීම සඳහා කරනු ලබන මැදිහත්වීම තවදුරටත් සිදුවිය යුතු බවද ඔවුන් වැඩිදුරටත් තම නිවේදනයෙන් පෙන්වා දෙයි.

Related posts

අභිමානවත් 75 වැනි නිදහස් දින සැමරුම අද

Admin

හොරණ තිබ්බොටුගොඩ බැංකුවක් කඩයි

colombotoday

වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා දින 90ක් රඳවා තබා විමර්ශනය කිරීමට ජනපතිගේ අනුමැතිය

colombotoday

‘ඇමැති ධුරයේ සිටින තුරු ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන්නේ නෑ’

colombotoday

රාජගිරියේ අනතුර- නඩුවේ ඉදිරි පියවර සලකා බැලීම සැප්තැම්බර් 17 වනදා

colombotoday

මෛත්‍රී-කරූ අතර හමුවක් අද පස්වරුවේ

colombotoday