Colombo Today Local News

කෝප් කමිටු සාමාජිකයෙකු ඉල්ලා අස්වෙයි – පුරප්පාඩුවට සුජීව සේනසිංහ?

37413aa97db179ef0d7135914b487888_Lපොදුව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව නියෝජනය කළ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.වේළුකුමාර් එම කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ.

පුද්ගලික හේතුන් මත තමා ඉල්ලා අස්වන බව පවසා වේළුකුමාර් මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය කථානායක කරූ ජයසූරිය මහතා වෙත බාරදී ඇතැයි වාර්තා වේ.

ඉල්ලා අස්වීම නිසා හිස්වන කෝප් කමිටු සාමාජිකත්වය ජාත්‍යන්තර වෙ‍ළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, නීතිඥ සුජීව සේනසිංහ මහතාට හිමිවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ මීට අමතරව සුජීව සේනසිංහ මහතා පෙත්සම් කාරක සභාවේ සභාපතිත්වය උසුළන අතර පොදු ගිණුම්කාරක සභාවේ ද සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.

Related posts

ත්‍රිරෝද රථ ගාස්තු අද සිට අඩුවෙයි

colombotoday

ගෝඨාභයට ඇමරිකාවේදී ජීවිතාන්තය තෙක් සිර දඩුවම් දිය යුතුයි – චන්ද්‍රිකා

colombotoday

යතුරුපැදි සොරා ගෙන මස් කල දෙදෙනෙක් අල්ලයි

Admin

අලුත් අවුරුදු දා රිය අනතුරු 121ක් – 10ක් මරු දකී

colombotoday

විදුලිය,ඉන්ධන ඉතිරි කරන්න රාජ්‍ය ආයතනවලට අද නව චක්‍රලේඛයක්.

colombotoday

කාදිනල් අගවිනිසුරුද? – මෛත්‍රිපාලගෙන් කාදිනල්තුමන්ට සැර පහරක්

Admin