මහ මැතිවරණයේදී අනෙක් අපේක්‍ෂකයන්ට වඩා වට දෙක තුනක් ඉදිරියෙන් ජය කණුවට පියනඟන බවට කීමට තරම් ආත්ම විශ්වාසයකින් හෙබි හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පොලොන්නරුව සිය නිවසේදී අප හමුවන විට සිටියේ ද මැතිවරණය පිළිබඳව අනෙක් අපේක්‍ෂකයන්ට මෙන් තමන්ට පීඩනයක් නොමැති අයුරිනි. දේශපාලනයේ පරිණත බව මොනවට පෙන්නුම් කරන හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දිවයින ඉරිදා සංග‍්‍රහය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව මෙසේය.
ප‍්‍රශ්නය : තවත් දින තුනකින් මහ මැතිවරණය පැවැත්වෙනවා. පහුගිය වකවානුව තුළ ඔබ පුළුල් මැතිවරණ ව්‍යාපාරයක නිරත වුණා. මැතිවරණයෙන් පොළොන්නරු දිස්ති‍්‍රක්කය තුළ ඔබට මොනවගේ ජයග‍්‍රහණයක් ලැබෙයි කියන විශ්වාසයක ද පසුවෙන්නේ?
පිළිතුර : විශිෂ්ට ජයග‍්‍රහණයක් මට ලැබෙනවා. එය ඉරහඳ වගේ විශ්වාසයි. වාරිමාර්ග හා මහවැලි නියෝජ්‍ය ඇමැති ලෙස 1995 සිට මම පොළොන්නරුවේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කර තිබෙනවා. මොරගහකන්ද ජලාශය හදන්න ඉංජිනේරුවරුන් සමඟ මම මහ වනයට රිංගුවේ 1995 ඉඳන්. 2015 ජනාධිපති ධුරයට පත්වෙලා වසර 4 ක් යන විට ජලාශයේ කටයුතු අවසන් කරන්නට මට හැකිවුණා. දිස්ති‍්‍රක්කය තුළ තිබෙන පරාක‍්‍රම සමුද්‍රය, ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල වැව් සහ කන්තලේ මහා ජලාශය යන සියල්ල නිර්මාණය කළේ රජවරුන්. රජවරුන් හැදූ මේ වැව් පහම පුරවන්න මම මොරගහකන්ද – කළුගඟ නමින් මහා සාගරයක් හැදුවා. පොළොන්නරුවේ සංවර්ධනයේ හැරවුම් ලක්‍ෂ්‍ය සහ ජීවනාලිය බවට මේ ජලකඳ අද පත්වී තිබෙනවා.
ප‍්‍රශ්නය : ගොවියාට සහ ගොවිතැනට ඉන් ලැබෙන සුවිශේෂී ප‍්‍රතිඵල මොනවාද?
පිළිතුර: ඉදිරියේදී ගොවියාට යල සහ මහ කන්නයට අමතරව තවත් කන්නයක් වගා කිරීමට තරම් ජලය මේ ජලාශය මගින් නිර්මාණය වී තිබෙනවා. ඒ කියන්නේ ගොවියාට කන්න තුනකට යෑමේ අවස්ථාව උදා වෙලා තිබෙනවා. ඒ සඳහා මං ව්‍යාපෘති වාර්තාවක් හදලා තිබෙනවා. මැතිවරණයෙන් පසුව මම කෘෂිකර්ම අමාත්‍යාංශයට යෝජනා කරනවා අවශ්‍ය තරම් ජලය තිබෙන නිසා පොළොන්නරුවේ කන්න තුනකට යෑමට කටයුතු කරන ලෙසට.
ප‍්‍රශ්නය : ජනාධිපති ධුරයට පත්වීමට ප‍්‍රථමව සෞඛ්‍ය, මහවැලි, වාරිමාර්ග, කෘෂිකර්ම ආදී විවිධ අමාත්‍යාංශයන් ගණනාවක ඇමැතිවරයා ලෙස ඔබ කටයුතු කර තිබෙනවා. මෙම කාලය තුළ ඉටු කරන්නට බැරි වුණු සංවර්ධන කටයුතු පොළොන්නරු දිස්ති‍්‍රක්කය තූළ තවත් ඉතිරිව තිබෙනවද?
පිළිතුර : පොළොන්නරු මහ රෝහල අපායක් වගේ තිබුණේ. සෞඛ්‍ය ඇමැති කාලයේ මං එය රජයට පවරා ගත්තා. අද තිබෙන රෝහල මං ඒ කාලයේම සැලසුම් කළා. සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස රෝහලේ 1/3 ක් පමණ වැඩ කටයුතු මට අවසන් කරන්නට හැකිවුණා. ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ රෝහල අංගසම්පූර්ණ කරන්නට මට හැකි වුණා. කොළඹ මහ රෝහල මෙන්ම සියලූ විශේෂඥ වෛද්‍යවරුන් සහිත මානව සහ භෞතික සම්පත්වලින් පිරි රෝහලක් බවට අද එය පත්වී තිබෙනවා. මහ රෝහල පමණක් නොව. දිස්ති‍්‍රක්කය පුරා ඇති සියලූ අවශේෂ රෝහල් ද මං අංගසම්පූර්ණ කළා.
ලංකාවේ විශාල සෞඛ්‍ය ප‍්‍රශ්නයක් බවට පත්ව තිබූ වකුගඩු රෝගීන් වෙනුවෙන් වකුගඩු රෝහල මට ඉදිකරන්නට හැකි වුණා. එය චීන ජනාධිපතිගෙන් මට ලැබුණු තෑග්ගක්. කෝටි 2000 කට වැඩිය මුදල් වියදම් කර තැනූ ඒ රෝහලෙන් අනාගතයේදී ජනතාවට සිදුවන සේවය මිල කරන්නට නොහැකියි. 2021 වසරේ ජනවාරි මාසයේදී ඒ රෝහල ජනතාව වෙනුවෙන් විවෘත කරනවා.
ප‍්‍රශ්නය : දිස්ති‍්‍රක්කය තුළ සිටින දරු දැරියන්ගේ අධ්‍යාපනය සඳහා තිබෙන සම්පත් ප‍්‍රමාණවත් ද?
පිළිතුර : දිස්ති‍්‍රක්කයේ පාසල් 252 න් 220 කටම අලූත් ගොඩනැගිලි මං ලබාදී තිබෙනවා. ලංකාවේ කිසිම දිස්ති‍්‍රක්කයක පාසලකට මෙවැනි අලූත් ගොඩනැඟිලි ලැබිලා නැතිව ඇති. ඒ පාසල් 220 න් සියයකට වැඩිය තට්ටු දෙකේ, තට්ටු තුනේ ගොඩනැඟිලි ලබාදී තිබෙනවා. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ තියෙන පහසුකම් ලංකාවේ කිසිම පාසලක නැහැ. කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් කෝටි 12 ක්, මලල කී‍්‍රඩාව වෙනුවෙන් කෝටි 9 ක් ඒ පාසලට ලබාදී තිබෙනවා. පිහිනුම් තටාක දෙකක් තිබෙනවා. ලංකාවේ කිසිම පාසලක තිබෙනවද එහෙම සම්පත්? එකවර ළමුන් පන්දහසකට ආසන පහසුකම්වලින් පිරි ශ‍්‍රවණාගාරයක් රාජකීය විද්‍යාලය සතුයි. රාජකීය විද්‍යාලය අක්කර 50 ක භූමි භාගයක පිහිටා තිබෙනවා. ඉන් අක්කර 40 ක් ම ගොඩනැඟිලි, කී‍්‍රඩාංගන සහ ළමයින්ට අවශ්‍ය දේවලින් නිර්මාණය කර තිබෙනවා.
ප‍්‍රශ්නය : ජනාධිපති ධුරයට පත්වූ පසු පොළොන්නරුවේ සංවර්ධනය සහ උන්නතිය වෙනුවෙන් ඔබ කොපමණ මුදලක් ලබාදී තිබෙනවාද?
පිළිතුර : රුපියල් කෝටි 6000 ක් 2016 වසරේදී එවකට සිටි දිසාපතිවරයාට මං මහා භාණ්ඩාගාරයෙන් ගෙනැවිත් ලබා දුන්නා. එහෙම තමයි මේ සංවර්ධනය උදා වුණේ. පොළොන්නරුව කියන්නේ බොහෝම, ලස්සන සුන්දර නගරයක් බවට පත් වුණේ ඒ විදිහටයි. ලංකාවේ තිබෙන ලස්සනම නගරය පොළොන්නරුව කිව්වොත් මං හිතන්නේ කවුරුවත් එයට තරහ වෙන එකක් නැහැ. පෙර රජ දවසින් පසුව පෙළොන්නරුව ප‍්‍රතිනිර්මාණය කිරීමට මට මේ අයුරින් හැකි වුණා. මේ ආකාරයට සංවර්ධනය වූ දිස්ති‍්‍රක්කයක් ලංකාවේ කොහේවත් නැහැ. රස්සා 30000 කට වඩා මං දීලා තිබෙනවා. ඉඩම් 25000 කට වඩා දීලා තිබෙනවා. ඇතුළෙ ගම්මානවල කැලෑ පාරවල් පවා ප‍්‍රතිසංස්කරණය කළා.
ඒ වගේම පන්සල් වෙහෙර විහාර චෛත්‍ය 113 කට වඩා ප‍්‍රතිසංස්කරණය කර තිබෙනවා. ඇතැම් ඒවා අලූතින්ම ගොඩනඟලා තිබෙනවා පුලතිසි දුම්රිය මං පොළොන්නරුවට ගෙනාවා. රජයේ සේවකයන්, වැඩ කරන ජනතාව, ව්‍යාපාරිකයන් ඇතුළු හැමදෙනාම මේ දුම්රියේ සේවය ලබා ගන්නවා. පැය 5 න් කොළඹට යන්න පුළුවන්, කොළඹ ඉඳන් පැය 5 න් පොළොන්නරුවට එන්න පුළුවන් දුම්රියක් මීට කලින් තිබුණේ නැහැ.
ඒ වගේම පොළොන්නරු කෞතුකාගාරයේ කටයුතු සියයට 98 ක් මේ වනවිට අවසන් වී තිබෙනවා. රුපියල් කෝටි 110කටත් වැඩිය ඒ සඳහා වියදම් කර තිබෙනවා. ලංකාවේ
කෞතුකාගාරයක් හදපු එකම දේශපාලනඥයා මං බව ආඩම්බරයෙන් කියන්න පුළුවන්.
ප‍්‍රශ්නය – මේ මැතිවරණයේදී ප‍්‍රතිවාදී පිලෙන් ඔබට තරගකරුවෙක් නැහැ.
පිළිතුර – නැත. නැත. නැත.
ප‍්‍රශ්නය – ඒත් සන්ධානය ඇතුළෙන්ම ඔබට තරගකරුවකු බිහිවී සිටින බව කියනවා.
පිළිතුර : කොහේ සන්ධානය ඇතුළෙද?
ප‍්‍රශ්නය : ශී‍්‍රලනිපය සහ පොදු ජන පෙරමුණ අතර ඇති කරගත් සන්ධානය ඇතුළෙ.
පිළිතුර : පොළොන්නරුවෙද?
ප‍්‍රශ්නය : ඔව්. ඔබේ දිස්ති‍්‍රක්කය ඇතුළෙමයි ඔහු. මෛති‍්‍රට වඩා ඡන්ද ගන්නවා කියමින් ප‍්‍රකාශ නිකුත් කරනවා අපට මාධ්‍යයෙන් අසන්නට ලැබෙනවා. ඒ ගැනයි අපි විමසන්නේ.
පිළිතුර : පොඩි පොඩි මොළේ් අමාරු අසනීප තියෙන අය එහෙම කියාගන්නවා ඇති. මට කොහෙන්ද පොළොන්නරුවට අභියෝගයක්. මේ ලැයිස්තුවේ ඉන්න ඔක්කොම මගේ
ගෝලයෝනේ.
ප‍්‍රශ්නය : ඒ ගෝලයන් මූසිල චරිතයට පණ පොවන්න සූදානම් වෙනවද?
පිළිතුර : එක අතකින් ගුත්ති ල – මූසිල සටනක් කියන්න පුළුවන්. ගුත්තිල පඬිවරයාට නම් ශක‍්‍ර දෙවියන් ගුලි තුනක් දුන්නා. ගුත්තිල පඬිවරයා හුඟක් වයසයි. හැබැයි ඉතින් ගුත්තිල මූසිල සටනේ ගුත්තිල පඬිවරයා තරම් මං වයෝවෘද්ධවෙලා නැහැ. ඒ නිසා මට ගුලි ඕනත් නැහැ. ජනතාව පස් වැනිදාට ඡන්ද පෙට්ටියෙන් පෙන්නයි ගුත්තිල – මූසිල සටනෙ රෙඟ්.
හැබැයි තමන් දිනනවා යැයි කියා ගනිමින් කටමැත දොඩමින් යන මේ වගේ ඔලූවේ අමාරුකම් තියෙන අයට මං මෛතී‍්‍ර කරනවා. මොකද මෛති‍්‍රපාල සිරිසේන කියන්නේ තමන්ව ඝාතනය කරන්නට පැමිණි එල්. ටී. ටී. ඊ. සැකකරුවා ජීවිතාන්තය දක්වා හිරබත් කකා සිටියදී ඔහුට ජනාධිපති සමාව දෙන්න තරම් හිතක් පහළ වුණු නායකයෙක්. එවැනි දෙයක් කරපු රාජ්‍ය නායකයකු ගැන මං ලෝක ඉතිහාසයේවත් අහලා නැහැ. එහෙම තමයි මගේ ප‍්‍රතිපත්තිය. බෞද්ධ දර්ශනය අනුව, ආගමික නැඹුරුවකින් යුතුව තමයි මම මගේ චරිතය හැඩගස්සවා ගෙන සිටින්නේ. උදේ හවස තෙරුවන් සරණ යන, පන්සිල් ගන්න මම සියලූ සත්ත්වයන්ට මෛතී‍්‍ර කරන අයෙක්. ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිනවා.
ප‍්‍රශ්නය – පොළොන්නරුවට මතු නොව ඔබ රටට විශාල සේවයක් කළ, වසර 5 කට ආසන්න කාලයක් මේ රටේ ජනාධිපති ධුරය හෙබවූ රාජ්‍ය නායකයෙක්. ජාත්‍යන්තර වශයෙන්ද ඔබ ශී‍්‍ර ලංකාව ලෝකයේ පිළිගත් රටක් බවට පත් කළ, රටට ලෝකය හමුවේ තිබූ කළු පැල්ලම් නැති කළ රාජ්‍ය නායකයෙක්. එවැනි රාජ්‍ය නායකයෙක් වූ ඔබ ‘‘පොළොන්නරුවට යුතුකම් ඉටු කළ මිනිසා’’ ලෙස මැතිවරණයට ඉදිරිපත් වීම ඔබ එදා ඒ කළ සේවය ඔබ විසින්ම ලඝු කර ගැනීමක්ද?
පිළිතුර: රටට මං කරපු සේවය ගැන කතා කරන්න ගියහම වෙන අය හිතන්න පුළුවන් මම මේ රට අල්ලන්න යනවා කියලා. දැන් මගේ එහෙම බලාපොරොත්තුවක් නැහැ.
ජනාධිපති වෙන්නවත්, අගමැති වෙන්නවත් නොවෙයි මම මේ හදන්නේ. අවසන් නොකෙරුණු තව වැඩ කිහිපයක් තිබෙනවා නිමාවක් දකින්නට. පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතියේ නිමාවක් දකින්නට තිබෙනවා. කන්න තුන වගා කිරීමේ ව්‍යාපෘතිය පොළොන්නරුව වෙනුවෙන් කි‍්‍රයාත්මක කරන්න තිබෙනවා. හිඟුරක්ගොඩ වෘත්තීය තාක්‍ෂණ විද්‍යාලයක් ආරම්භ කර තරුණ තරුණියන්ගේ විරැකියා ප‍්‍රශ්නය විසඳීමට කටයුතු කරනවා. එය කෝටි 700 ක පමණ ව්‍යාපෘතියක්. මේවා ජාත්‍යන්තරයෙන් මට, රටට ලැබුණු තෑගි. පෙළොන්නරුවේ දරුවන්ට සිංහල, ඉංගී‍්‍රසි භාෂාව ඉගැන්වීමට ඉන්දියාවෙන් තව පාඨමාලාවකට පරිත්‍යාග ලැබී තිබෙනවා. ඒවා මේ දිස්ති‍්‍රක්කයේ දරුවන්ටයි. නාවික, ගුවන් පර්යේෂණ, තාක්‍ෂණය ආදී දැනුම ලබාදීමට අවශ්‍ය ආයතන පොළොන්නරුවේ ඇති කරලා දරුවන්ට ඉහළට එන්නට අවස්ථාව ලබා දෙනවා.
ප‍්‍රශ්නය : වරෙක ඔබ ප‍්‍රකාශ කර තිබුණා පෙර රජවරුන් ගැන අද කතා කරනවා මෙන් තවත් අවුරුදු ගණනාවකින් රටේ මිනිසුන් ඔබ ගැන කතා කරාවි කියල. ඔබේ සේවය ගැන ජනතාව දැන් කතා කරන්නේ නැද්ද? එසේත් නැතිනම් වෙන හේතුවක් මූලික කරගෙන ද ඔබ එම ප‍්‍රකාශය කළේ?
පිළිතුර : ලංකාවේ මිනිසුන්ට ජීවත්ව සිටින තාක් කල් අගයක් නැහැ. රජවරුන් ගැන වුණත් අද තමයි කතා කරන්නේ. ජනතාව ඒ කාලයේ රජවරුන්ට බියෙන් තමයි ඉන්නේ. රාජ ආඥාවලට යටත්ව තමයි රටවැසියා ඉන්නේ. අපේ වගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයත් ඒ කාලයේ නැහැනේ. රජවරුන් කළ දේවල් ගැන පිං දෙන්නේ, රජවරුන් වර්ණනා කරන්නේ අවුරුදු හත් අට සියයක් ගියාට පසුව තමයි. අපිත් මියගිය දාක අපි ගැන මීට වඩා ඉහළින් වර්ණනා කරයි. මොකද මමත් ඒ තරම්ම සේවයක් රටට, රාජ්‍යයට කරලා තිබෙනවා.
ප‍්‍රශ්නය : ජනාධිපතිවරණයට තරග කරද්දී ඔබ ලබා දුන් පොරොන්දු අතර සාධාරණ සමාජයක් ගොඩනඟන බව ප‍්‍රකාශ වුණා. සිවිල් සංවිධාන, මාදුළුවාවේ සෝභිත හිමියන් ඒ සාධාරණ සමාජය ප‍්‍රාර්ථනා කළා. ජනාධිපතිවරයා ලෙස බලයට පත් වූ පසු ඔබ ඒ සාධාරණ සමාජය කියන සංකල්පය මේ භූමියේ ඇති කිරීමට කටයුතු කළාද?
පිළිතුර : සාධාරණ සමාජයක් හදන්න දුන්නේ නැත්තේ රනිල් වික‍්‍රමසිංහනේ. එන්ජී ඕකාරයෝ සහ විදේශීය රටවල් එක්ක එකතුවෙලා රටපාවා දෙන සමාජයක්නෙ එයා හදන්න ගියේ. 2015 පොදු අපේක්‍ෂකයා ලෙස බලයට පත් වුණාට පස්සෙ ජනතාවාදී, මානවවාදී, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ගෙන යෑම තමයි මගේ චේතනාව වුණේ. හැබැයි මට වුවමනා ගමන නොවෙයි රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ගියේ. ඔහු තනිකර ගියේ රටට අහිතකර වැඩපිළිවෙළකට.. ඒනිසා එතුමයි මායි අතර ගැටුම් ඇතිවුණා.
නමුත් මම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කළා. මාධ්‍ය නිදහස මම තරම් දුන්නු රාජ්‍ය නායකයෙක් මේ රටේ තවත් හිටියේ නැහැ. මේ නිසාම මාධ්‍ය සහ සමාජ මාධ්‍යයෙන් මට තරම් ගහපු විධායක ජනාධිපතිවරයකුත් තවත් හිටියේ නැහැ. මා දුන්නු නිදහස ආපහු හරවලා මටම ගැහැව්වා. මොකද ඔවුන් දන්නවා මම ආපසු හැරිලා ගහන්නෙ නැහැ කියලා. ප‍්‍රචණ්ඩත්වයක්, මැර බලයක් මා පාවිච්චියට නොගන්නා බව දන්නා ඔවුන් දිගට හරහට මට පහර ගහන්න ගත්තා.
තොරතුරු දැන ගැනීමේ පනත, පාසල් දරුවන්ගේ සුරක්‍ෂා වැඩසටහන, 1990 සුවසැරිය ගිලන් රථ සේවය, ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට පත් කර ලෝක උරුමයක් බවට පත් කිරීම සහ 1818 විරුවන් දේශද්‍රෝහීන් බවට පත් කර තිබූ ගැසට් එක අවලංගු කරලා ඔවුන් ජාතික වීරවරුන් ලෙස ගැසට් එක නිකුත් කිරීමත් මම සිදු කළා. ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජතුමාගෙන් පසුව අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් ඉදිරිපිට ඓතිහාසික මඟුල් මඩුවේ එවැනි රාජකීය ලියවිල්ලක් අත්සන් කළේ මම පමණයි.
ප‍්‍රශ්නය : 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම සඳහා ප‍්‍රමුඛතම කාර්යභාරය ඉටු කළ, ඒ සඳහා විශාල මෙහෙයක් ඉටු කළ ඔබ ඉදිරි ආණ්ඩුවකදී එය අහෝසි කිරීමට අත ඔසවනවාද?
පිළිතුර : 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යනු රනිල් වික‍්‍රමසිංහ මහත්තයලා එන්ජී ඕ කාරයෝත් එක්ක ගහපු කොළ තුනේ සූදුවක්. එහි හොඳ පැත්තකුත් තිබෙනවා. නරක පැත්තකුත් තිබෙනවා. හොඳ පැත්ත තමයි ස්වාධීන කොමිෂන් සභා. ස්වාධීන කොමිෂන් සභාවලත් අද අඩුපාඩු පෙනෙනවා. ඒවායේ ව්‍යුහය, නීති රාමුව සකස් වීමට පාර්ලිමේන්තු රෙගුලාසි අවශ්‍යයි. ඊට අවශ්‍ය රෙගුලාසි පාස් කිරීම කරු ජයසූරිය මහත්තයා කළේ නැහැ. කථානායකතුමා මේවා කළේ නැත්තේ එයාගේ හොර හිත නිසයි. එයාට ඕන ආකාරයට මේක දක්කගෙන යන්න ඕනෑ නිසයි, ඔහු මේවා නොකළේ. කථානායකතුමාට තිබෙන්නේ පාර්ලිමේන්තුවේ වැඩ. කොමිෂන් සභාත් ඔහු පාලනය කරන්න අරගෙන එයා රටේ පාලකයෙක් වුණා. ඒක තමයි නරක පැත්ත. ඒ වගේම තමයි බලය තිබෙන නායකයෝ තුන්දෙනෙක් පත් වුණා. ජනාධිපති, අගමැති, කථානායක. කථානායක රටේ පාලකයෙක් වුණා. කථානායක පාලකයෙක් වෙන්න බැහැ. කථානායකට තිබිය යුත්තේ පාර්ලිමේන්තුව ඇතුළෙ බලය පමණයි.
ප‍්‍රශ්නය : ආණ්ඩුව 2/3 බලයක් ඉල්ලා සිටීමේ ප‍්‍රධානතම අරමුණ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමද?
පිළිතුර: මම හිතන්නේ ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කිරීම තමයි. එය රටට ගැලපෙන ආකාරයට සංශෝධනය කිරීම හොඳයි ස්වාධීන කොමිෂන් සභා ඉතිිරි කරලා.
ප‍්‍රශ්නය : ආණ්ඩුවට 2/3 බලයක් ලබා ගැනීමට හැකි වෙයි කියලා ඔබ හිතනවාද?
පිළිතුර : ඔව්. මොකද අද විපක්‍ෂයක් නැහැනේ. විපක්‍ෂයේ කල්ලි දෙකක්නෙ තිබෙන්නේ. කල්ලි දෙකේ නායකයෝ දෙන්නම බංකොළොත් දේශපාලනඥයෝ දෙන්නෙක්. ඒ දෙන්නම ආණ්ඩුවක් කරන්න පුළුවන් දෙදෙනෙක් නොවෙයි. ඔවුන් දෙදෙනාම රටක් කිරීමේ හැකියාව ඇති දෙන්නෙක් නෙවෙයි. ඒ නිසා ජනතාවගේ විශ්වාසයක් ඔවුන්ට නැහැ. ජනතාවගේ විශ්වාසය තිබෙන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට. ඒ නිසා 2/3 බලය ආණ්ඩුවට ජනතාව ලබාදෙයි කියලා මම විශ්වාස කරනවා. ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඒ සඳහා අපගේ පූර්ණ සහයෝගය ලබාදෙනවා. ආර්ථික, දේශපාලන සහ සමාජීය යන රටේ ප‍්‍රධාන ප‍්‍රශ්න තුන විසඳීම සඳහා අපේ එම සහාය ගෝඨාභය ජනාධිපතිවරයාට අවශ්‍යයි. මේ ප‍්‍රශ්න විසඳලා අපනයන ආදායම වැඩි කර විදේශ වත්කම් වැඩි කර දළ ජාතික නිෂ්පාදිතය වැඩි කර දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නංවා රට ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය අණපනත් ගෙන ඒමට 2/3 බලයක් අවශ්‍යයි.
ප‍්‍රශ්නය : 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට ප‍්‍රකාශ කළ පරිදිම ඔබ නැවත වතාවක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වුණේ නැහැ.
පිළිතුර : ඔව්.
ප‍්‍රශ්නය : පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරයකු ලෙස අවුරුදු 26 ක් කටයුතු කළ ඔබ, විවිධ ඇමැති ධුර සහ තනතුරු හෙබ වූ ඔබ, වසර පහක් ජනාධිපති ධුරය හෙබවූ ඔබ ඇයි මෙවර නැවත මෙවැනි මැතිවරණයකට ඉදිරිපත් වුණේ?
පිළිතුර : ඊට කරුණු කිහිපයක් තිබෙනවා. පසුගිය ජනාධිපති ඡන්දයට පෙර ශී‍්‍රලනිපය සහ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ එකට එකතුවීමට සාකච්ඡා පැවැත්වූවා. ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ මම එහිදී වරින් වර හමුවුණා. මහින්ද රාජපක්‍ෂ මහතා වරින්වර හමු වුණා. බැසිල් රාජපක්‍ෂ මහතා වරින්වර හමු වුණා. ඒ තිදෙනාමත් එකවර මා හමු වුණා. එහිදී ඇති කර ගත් අදහස් හා එකඟතාවන් මත තමයි, මා පාර්ලිමේන්තුවට එන්නට තීරණය කළේ. ඒවගේම ශී‍්‍ර ලනිප මධ්‍යම කාරක සභාව, මගේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම පොළොන්නරු දිස්ති‍්‍රක්කයේ නගර සභා, ප‍්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන නියෝජිතයන් ඇතුළු සියලූ දෙනාගේ බලවත් ඉල්ලීම මුල් කරගෙන තමයි, නැවත මැතිවරණයට ඉදිරිපත් වුණේ විශේෂයෙන් පොළොන්නරු දිස්ති‍්‍රක්කයේ සංවර්ධනය ඉලක්ක කර ගෙනත් රජයට අවශ්‍ය සහාය ලබාදීමත් මගේ මේ ගමනේ මූලික අරමුණ වී තිබෙනවා.
ප‍්‍රශ්නය : පාර්ලිමේන්තුවේ ඔබ මෙතෙක් පැමිණි ගමනේ අගමැති ධුරය සහ විපක්‍ෂ නායක ධුරය පමණයි ඔබ නොදරා තිබෙන්නේ. මේ අතරින් අගමැති ධුරය පිළිබඳව ඔබට බලාපොරොත්තුවක් තිබෙනවාද?
පිළිතුර : අපෝ නැහැ. ආයෙත් ජනාධිපති ධුර අගමැති ධුර දරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ.
ප‍්‍රශ්නය : ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරය ඔබ ඉදිරි කාලයේදී අත්හරින්න සූදානමක් තිබෙනවාද?
පිළිතුර : ශී‍්‍රලනිපයට මට පේන විදියට අනාගතයක් තිිබෙනවා. පක්‍ෂයට අලූත් මුහුණුවරක් දීලා අලූත් වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යෑම තමයි බලාපොරොත්තුව. නායකත්වය හෝ සභාපති ධුරය සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව සාකච්ඡා කර තීන්දු තීරණ ගනීවි.
ප‍්‍රශ්නය : ඇමැති ධුර දරන කාලයේ මහවැලි, පරිසර, කෘෂිකර්ම, වාරිමාර්ග ආදී විෂයයන්ට සම්බන්ධ අමාත්‍යාංශ තමයි ඔබ පසුගිය කාලයේ හොබවා තිබෙන්නේ. ඉදිරි ආණ්ඩුවකදීත් ඔබට එවැනි අමාත්‍යාංශයක් ලැබෙන බවට පොරොන්දු ලබාදී තිබෙනවාද? නැත්නම් එවැනි අමාත්‍යාංශයක් ඔබ බලාපොරොත්තු වෙනවාද?
පිළිතුර: තනතුරු හම්බ වුණත් නැතත් මම වැඩ කරන්න දන්නවා. මට ඒ ශක්තිය තිබෙනවා.
ප‍්‍රශ්නය : ශී‍්‍රලනිපය සහ පොදු ජන පෙරමුණ සන්ධානයක් ගොඩනඟා ඇති අවස්ථාවක මේ සන්ධානයේම පිරිසක් ශී‍්‍රලනිප පාර්ශ්වයට චෝදනා කරනවා. ‘‘ලාභ ප‍්‍රයෝජන බලාගෙන, අපට පීඩා කරන්න ශී‍්‍ර ලනිපය එකතු වී’’ ඇති බව ඔවුන් කියනවා.
පිළිතුර – කාවවත් පීඩාවට ලක් කරන්න අපි ඇවිත් නැහැ. අපි ආවේ ගෝඨාභය මහත්තයාගේ ජයග‍්‍රහණයට දායක වීමටයි. කවුරු හරි එහෙම කියනවා නම් එයාලව අංගොඩ රෝහලට ගෙන ගොස් මොළයේ පරීක්‍ෂාවක් කරන්න වෙයි.
Divaina