Colombo Today Local News

සමහර අපේක්‍ෂකයන් පාතාලයෙන් සල්ලි අරන්

මහ මැතිවරණය සඳහා ප‍්‍රධාන පක්‍ෂ කිහිපයකින් ඉදිරිපත් වන අපේක්‍ෂකයන් කිහිප දෙනකුට පාතාලයේ ප‍්‍රධාන පෙළේ සාමාජිකයන් කිහිප දෙනකු විසින් මූල්‍ය ආධාර සහ පිරිස් බලය ලබාදී ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ. දැනට මරණ දඬුවම හිමිව ඇති පාතාල නායකයකු තමන් එම දඬුවමෙන් නිදහස් කර දෙන බවට ලබාදුන් පොරොන්දුවක් මත රුපියල් ලක්‍ෂ පනහක ආධාරයක්, ප‍්‍රබල පක්‍ෂයක අපේක්‍ෂකයකු වෙත ලබාදී තිබේ.
 
 එසේම විදේශගත පාතාල නායකයකු විසින් දේශපාලන ප‍්‍රබලයකු වෙත සිය පිරිස් බලය ලබා දෙමින් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා සහාය ලබාදෙමින් සිටියි.
 
 මෙසේ මුදල් ආධාර ලබාගත් සමහර දේශපාලන නායකයන් පසුව එම පාතාල නායකයන් සමග සම්බන්ධතා පැවැත්වීම අත්හැර යෑම නිසා සිරගතව සිටින පාතාල නායකයන් කිහිප දෙනකු එම දේශපාලන නායකයන් සමග උරණ වී ඇති බව ද බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

ඉරිදා දිවයින

Related posts

සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

නිදානයක් ගන්න ගිය හතරක් කොටු වෙයි

Admin

නාමල් – ලිමිනි විවාහය අද

colombotoday

රජයේ ප්‍රතිපත්තියට එකඟ නොවන නිලධාරීන්ට ඉන් ඉවත්වීමට බාධාවක් නැහැ – ජනපති

colombotoday

පුරවැසි චෝදනා සුස්සක් වෙයි… ගෝඨාභය යුවලම මෙරට පුරවැසියන් ලෙස ඡන්දය ප්‍රකාශ කරයි !

colombotoday

මට හොඳටම අමාරුයි, වැටුප දෙන්න බෑ. මට ඔච්චරයි තියෙන්නේ.

colombotoday