Colombo Today Local News

කැලණි ගඟේ ජල මට්ටම අඩු වෙයි.. කාලගුණේත් හොඳ අතට හැරෙන ලකුණු

kalani

කැලණි ගඟේ ජල මට්ටම නැවත වරක් ක‍්‍රමයෙන් අඩු වීමට පටන්ගෙන තිබෙනවා.

නාගලගම්වීදිය ජල මාපකයට අනුව එහි ජල මට්ටම ඊයේ (20) සවස 3.30ට සඳහන් වූයේ අඩි 7යි දශම 5ක් ලෙසයි. සවස 6.30 වන විට එය අඩි 7යි දශම 2ක් දක්වා අඩු වී තිබුණා.

හංවැල්ල සහ ග්ලේන්කෝස් ජල මාපකවලට අනුව ද කැලණි ගඟේ ජල මට්ටම ක‍්‍රමයෙන් අඩුවෙමින් තිබෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

කළු ගඟේ ජල මට්ටම ද බොහෝ ප‍්‍රදේශවලදී ක‍්‍රමයෙන් අඩුවෙමින් තිබෙනවා. ඊයේ සවස 5.30 වන විට මීටර් 6යි දශම 3යි 7ක් වූ රත්නපුර ජල මාපකයේ ජල මට්ටම සවස 6.30 වන විට සඳහන් වූයේ මීටර් 6යි දශම 2යි 7ක් ලෙසයි.

මේ අතර දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.

පවතින වැසි තත්වයන් ද ඉදිරි දින දෙක තුළදී අඩුවනු ඇති බවට එම දෙපාර්තමේන්තුව අනාවැකි පලකරයි.

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින සුළි කුණාටුව මේවන විට කන්කසන්තුරය ප්‍රදේශයට ආසන්න වශයෙන් කිලෝමීටර් 950 ක් ඊසාන දෙසින් පවතින බවද වාර්තා වේ.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ එය තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බවයි.

කෙසේවෙතත් දිවයිනේ බස්නාහිර / වයඹ / මධ්‍යම සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියා සිටී.

Related posts

ලක්ෂ 12ක මත්පෙති සමඟ දෙදෙනෙක් අත්අඩංගුවේ

Admin

වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකුට වෙඩිවැදී රෝහලේ…

Admin

යතුරුපැදිවල අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන දෙන්න යෝජනාවක්

colombotoday

මාලි සාම සාධක රාජකාරියේ නිරත ශ්‍රී ලාංකික අණදෙන නිලධාරියා වෙනුවෙන් රජයෙන් අභියාචනයක්

colombotoday

හෙලිකොප්ටරෙන් පාර්ලිමේන්තු එන ඇමතිලා මෙන්න.. විජයකලාත් හෙලිකොප්ටරයෙන්..

colombotoday

යුක්රේන ආරක්ෂක ප්‍රධානියෙක් හදිසියේම දිවයිනට

colombotoday