Colombo Today Local News

“ඒකාබද්ධ විපක්ෂය” නීති විරෝධී නමක්.. ඒ ගැන ලීවොත්, කීවොත් මාධ්‍යවේදීන් නීතිය හමුවට – ජනමාධ්‍ය ලේකම්

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂයක කිහිප දෙනෙකු “ඒකාබද්ධ විපක්ෂය” නමින් කටයුතු කිරීම නීතියට, සදාචාරයට මෙන්ම මාධ්‍ය ආචාර ධර්මලට පටහැණි බව පාර්ලිමේන්තු මන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි නව ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඒකාබද්ධ විපක්‍ෂය නමින් සිදු කෙරෙන ප‍්‍රවර්ධනයන් දෝෂ සහගත බව කතානායකවරයා විසින්ද අවධාරණය කර ඇති බැවින් එය ප‍්‍රවර්ධනය කිරීම සඳහා දායකවීම තුළින් අනවශ්‍ය, අහිතකර හා නීතිවිරෝධී පූර්වාදර්ශයක් සමාජගත විය හැකි බවයි.

ඇතැම් මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් කිසිදු වගවිභාගයකින් තොරව ඒකාබද්ධ විපක්‍ෂය යන්න ප‍්‍රවර්ධනය කිරීම සදහා අනුබල දෙමින් සිටින බව වාර්තා වී ඇතැයිද ජනමාධ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.

Related posts

උපයෝගීතා කොමිසම විදුලි බිල අඩුකරන්න අවසර දුන්නත් මණ්ඩලය බෑ කියයි

Admin

බංගලාදේශයේ පැය 19ක විදුලි කප්පාදුවක්

Admin

හරින්ට මනූෂට නිදහසට කරුණු කියන්න සජබ දින 7ක් කල් දෙයි

colombotoday

යෝජිත විදුලි බල ප්‍රතිසංස්කරණ පනතට අනුමැතිය

Admin

වෙනම තරඟ කරන්න නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දැරූ උත්සාහය මෛත්‍රිපාල සිරිසේන වලක්වයි

colombotoday

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

Admin