Colombo Today Local News

සකුරා අලි පැටියාගේ නඩුවෙන් හිටපු මහේස්ත්‍රාත් තිළිණ නිදොස් කොට නිදහස්

නීතිවිරෝධී අන්දමින් සකුරා නමැති අලි පැටවා සන්තකයේ තබා ගැනීම ඇතුළු සියලුම අධිචෝදනාවලින් මේ වනවිට වැඩ තහනමට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද(16)දින නියෝග කළේ ය.

විත්තිකරුවට එරෙහිව ගොනු කර ඇති කිසිදු අධිචෝදනාවක් පැමිණිල්ල විසින් ඔප්පු කරනු ලැබ නොමැති බව නිගමනය කළ විනිසුරුවරයා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම තිළිණ ගමගේ මහතා නිදොස් කොට නිදහස් කළේ ය.

එම නඩුවේ සෙසු විත්තිකරුවන් තිදෙනාට නීතිපතිවරයා ගොනු කළ අධිචෝදනා සම්බන්ධයෙන් විත්තියේ සාක්ෂි කැඳවා විභාගයක් කැඳවීමට තීරණය කළ විනිසුරුවරයා එම නඩුව ලබන ජනවාරි 21 වැනිදා කැඳවිමට ද නියෝග කළේ ය.

Related posts

විදේශ ඇමති සබ්රි අමෙරිකානු ජනපති බයිඩන් හමුවෙයි

colombotoday

ඉන්ධන අර්බුදයෙන් අදත් පෞද්ගලික බස් ධාවනයට බාධා..

colombotoday

විල්පත්තුවේ අනවසර ඉදිකරීම් නවතන්න ගොණුකල පෙත්සමට අධිකරණය ඊයේ දුන් නියෝගය

colombotoday

කොරෝනා ආසාදිත සිරුරු බැහැර කිරීමේ තාක්ෂණික කමිටුවේ සභාපතිට අලි සබ්‍රිගෙන් තර්ජන.

colombotoday

කින්නියා, කුරිඤ්ඤන්කර්නි කළපුවේ මගී ප්‍රවාහනයට නාවික හමුදා යාත්‍රාවක්

colombotoday

විසිපස් වසරකට පසු යක්කලින් හමුවූ විජේවීර !

colombotoday