හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ජ්යතිෂ්ය විශ්වාස කිරීම හාස්‍යට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
සිංහල අලුත් අවුරුදු නැකැත් සකසා ඇත්තේ ආණ්ඩුවට අවශ්‍ය ලෙස යැයි හිටපු ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය ඉතා බොළද බවත් එවැනි දේවල් ප්‍රචාරය නොකර වැඩක් ඇති දෙයක් ප්‍රචාරය කරන්නැයි ද ඇය මාධ්‍යවේදීන් හමුවේ කීය.