ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර සම්බන්ධයෙන් පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වූයේ බැසිල් රාජපක්ෂ මහතාට අසුන පිරිනමන මන්ත්‍රීවරයාට එම තනතුර පිරිනමන බවට වාර්තා පළ වීමත් සමගයි.
එම කතාබහ නිමා කරමින් ජගත් වැල්ලවත්ත මහතාව ඒ සඳහා නම් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඔහුගේ යෝග්‍යතාව පරීක්ෂාකර බැලීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.