Colombo Today Local News

හිටපු ජනපති ගෝඨාභයගේ නිවස අසලට ගිය අරගලකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස අසල අරගලකරුවන් පිරිසක් අද (31)දින සංකේතාත්මක විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ඒ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට පැවැති විරෝධයට අදට වසරක් සපිරීම නිමිති කරගෙනය.

ඒ අනුව, අද පස්වරුවේ පිරිස එහි පැමිණි විරෝධතාව ආරම්භ කර ඇති අතර පසුව පොලීසිය පැමිණ විරෝධතාවය විසුරුවා හැරීමට පියවර ගෙන ඇත.

එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවි තිබේ.

එම අවස්ථාවේදී අරගලකරුවන් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේවෙතත් අරගලකරුවන්ව නුගේගොඩ ගුවන් පාලම දක්වා පළවාහැරීමට පොලීසිය කටයුතු කර තිබේ.

පසුව අරගලකරුවන් එහිදී විරෝධතාවක නිරත විය.

Related posts

“කොළඹ කුණු රහසිගත තැනකට.. කාටවත් කියන්න බෑ“ – කොළඹ නගර සභාව

colombotoday

ඩොලරය තවත් පහළට

Admin

දරුවන්ගේ රියැලිටි ෂෝ වලට ළමාරක්ෂක අධිකාරියෙන් වැටක්…

colombotoday

හිටපු ජනපතිගේ රත්තරං හොයන්න වීරකැටියේ ඉඩම අදත් හාරයි!

colombotoday

රාජපක්ෂ රටට කළ දෙයක් නෑ.. යුද්දේ ඉවර කළේ මමයි.. රාජපක්ෂ දින්නේ මුලතිව්, කිලිනොච්චි විතරයි – චන්ද්‍රිකා

colombotoday

කැටගොඩ ගේ නම ගැසට්ටුවට

colombotoday