Colombo Today Local News

“යොවුන් පුරය කදිම තෝතැන්නක් වුණා” – අගමැති

01-youn

එකම අහස් වියනයක් යට එකම පොළෝ තළක ජීවත්වන යෞවනයන් එකම මිනිස් කොට්ඨාසයක් ලෙසින් ජාති ආගම් භේද ප්‍රතික්ෂේප කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

රට පුරා විසිර සිටින තාරුණයේ දස්කම් විස්කම්වලට නව ජීවයක් ලබා දීමටත් තරුණයන්ගේ සිතුම් පැතුම් බෙදා හදා ගැනීමටත් යොවුන්පුරය කදිම තෝතැන්නක් වූ බවද අගමැතිවරයා කීවේය.

අගමැතිවරයා එසේ එසේ සඳහන් කළේ සීගිරියේ දී පෙරේදා (2) සමාප්ත වූ යොවුන් පුරය 2016 ජාතික වැඩසටහනට එක්වෙමිනි. සියළු පළාත් නියෝජනය කරමින් තරුණ තරුණියන් පන්දහසක් පමණ එයට එක්ව සිටි අතර නැටුම් ගැයුම් සංදර්ශන ප්‍රදර්ශන එහි සංවිධානය කර තිබිණි.

තරුණ තරුණියන්ගේ අනාගතය සැකසීම සඳහා යොවුන්පුරය දශක දෙකකට පසු නැවත ආරම්භ කර තිබෙන බවත් එහි පළමු වැන්න පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් ඇරඹි බවත් අගමැතිවරයා කීවේය.තිස් වසරක යුද්ධයකට පසු සමස්ථ ජාතියම හොඳ අනාගතයක් අපේක්ෂා කරන බව කී අගමැතිවරයා යුද්ධය නිසා ආසියාවේ රටවල් රැසක් සංවර්ධනය අපි පසු කර ගිය බවත් අපිට විශාල අභියෝගයක් ජයගැනීමට තිබෙන බවත් හෙතෙම කීය.

Related posts

ගම්පහ, නාල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය හෙට වැඩ භාර ගනී.

colombotoday

ධර්මාලෝකයෙන් හෙළදිව ඒකාලෝකවූ පොසොන් පොහොය අද

colombotoday

මහ බැංකුවෙන් අලුත් චක්‍රලේඛයක්

colombotoday

මිලියන 45,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද

colombotoday

රාජපක්ෂ ඇටේ ගැන ෆොන්සේකා කියයි

colombotoday

ශ්‍රී ලංකාවේ කොරෝනා පාලනය ලෝකයම පුදුම කරලා.. ලංකාවේ ක්‍රමවේදය ලෝකයම අධ්‍යනය කරනවා..- නෝර්වේ තානාපති කියයි

colombotoday