Colombo Today Local News

ශ්‍රී ලංකන් එයාර් විකිණෙයි.. විදුලිය ජලය හැර අනෙකුත් රාජ්‍ය ආයතන පුද්ගලිකකරණය ඇරඹෙයි

iran wickramaeathna2

ආර්ථික අර්බුදයට පිළියමක් ලෙසින් හා විවිධ ක්ෂේත‍්‍රවල රාජ්‍ය ඒකාධිකාරය හේතුවෙන් ගුණාත්මක සේවා නොලැබීම නිසා විදුලිය හා ජලය හැර අනෙකුත් සේවාවන් පෞද්ගලික අංශය සම්බන්ධ කරගෙන කළ හැකි ලෙස ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා කටයුතු ආරම්භ කර ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා පවසයි.

එහිදී පාඩු ලබන ශ‍්‍රී ලංකන් එයාලයින් වැනි ආයතන කිහිපයක් පෞද්ගලික අංශයට පැවරීමට පියවර ගනු ඇති බවත්, කාර්යක්ෂම හා ගුණාත්මක සේවයක් ලබාදීම සඳහා පෞද්ගලික අංශයට තරග කිරීමට ඉඩ ලබාදෙන බවත් ඔහු පැවසීය.

මේ වනවිට රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යුහගත කරණය කිරීම සඳහා කටයුතු ආරම්භ කර තිබෙන බවත්, ඒ සඳහා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය තාක්ෂණික සහාය හා මඟ පෙන්වීම ලබාදෙන බවත් ඔහු කීය.

ප‍්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී සමහර රාජ්‍ය ආයතන සම්පූර්ණයෙන් පෞද්ගලික අංශයට ලබාදීමද පෞද්ගලික හා රජය අතර තිබෙන සමහර ක්ෂේත‍්‍ර කළමනාකරණය කිරීමටද රජය සතුව පමණක් ඇති ඇතැම් ක්ෂේත‍්‍රවලට පෞද්ගලික අංශයට ඉඩ ලබාදීමද ආදි වශයෙන් ප‍්‍රතිව්‍යුහගත කළ හැකි බවත්, හිිමිකාරීත්වය රජය සතුවීම නොව තරගකරුවන්ට වඩා යහපත් සේවයක් ලබාදීමට ඉඩදීම වැදගත් බවත් ඔහු වැඩිදුරටත් පැවසිය.

(රාවය)

Related posts

බැඳුම්කර වංචාව රනිල් හා රවී කරුණානායක දැනුවත්ව සිදුවූවක්

colombotoday

ජල විදුලි නිෂ්පාදනය සියයට 20ක් දක්වා පහත වැටෙයි

colombotoday

වන්නි මෙහෙයුමේ සෙන්පතියන් විදේශයන්හිදී අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්…

colombotoday

“සිංහල ඔල්මාදකාරයින්ට“ එරෙහිව බැංකු හොරෙක් එක්ක එකතුවී හරි සටන් කරනවා – බාහු

colombotoday

අත්අඩංගුවට ගැනීමට පොලිසිය එද්දී රන්ජන් යට ඇදුමෙන් දාපු සෙල්ලම් (Video)

colombotoday

හිරුණිකාට එරෙහි නඩුව ජුනි 7 දා විභාගයට ගනී

colombotoday