පෙර ආත්මයක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තලගොයෙක් වී ඉන්නට ඇති බවත්, ජනපති මෛත්‍රීපාල එම තලගොයාගේ ඇගේ මැක්කෙකුව සිටින්නට ඇති බවත් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ධර්ම දේශනයදී වදාලහ.
උන් වහන්සේ මෙම අදහස් පල කලේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සෙත් පතා දෙහිවල පිංවත්ත රජ මහා විහාරස්ථානයේදී පැවති පිංකමක ධර්ම දේශනාව කරමිනි.
තමන්ට සිරගතවන්නට සිදුවූයේ පෙර කළ අකුසල කර්මයක් නිසා බවත්, ධර්ම කරුණු ගෙනහැර දක්වමින් උන් වහන්සේ පැවසූහ.